brand logo

සිගරට් බිබී හිටියොත් මහින්දගේ ආණ්ඩුවක් එන්නේ නැති වෙයි කියලා හිතුනා ඒ හින්දා අතහැරියා

13 August 2019

පාර්ලිමේන්තු භෝජනාගාරයට ගිය මහින්ද සිටි තැනට පැමිණි බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් ද පැමිණියේ ය. මෙහිදී ඔවුන් සියලුදෙනාම පසුගියදා දොරට වැඩි ‘බන්දුලගේ පොත්’ ගැන සහ එම උත්සවය ගැන ‘ආගිය තොරතුරු’ කතා කරමින් සිටි අතර අනුර දිසානායක භෝජනාගාරයට ඇතුළු වනු දුටු මහින්ද බන්දුලගෙන් මෙසේ ඇසුවේ ය. “ඔයාගේ පොතේ වැඩේ අනුරට කිව්වේ නැද්ද...?’’ “මේකනෙ සර්... විමල්ට කිව්වොත් අනුර එන්නේ නෑ... අනුරට කිව්වොත් විමල් එන්නේ නෑ... ඒ හින්දා මම අනුරට නොකියා විමල්ට කිව්වා... අන්තිමේ දි විමල් ආවෙත් නෑ... අනුර ආවෙත් නෑ...“යි බන්දුල කීවේය. මහින්ද ඊට කොක් හඬලා සිනාසුණු අතර අනුර ද මඳක් හැරී බැලුවේ ය. මේ අතරතුර බන්දුල ගුණවර්ධන ‘දුම්පානය නතර කිරීම’ ගැන ද කතාබහක් ඇති විය. එහිදී බන්දුල තමන් දුම්පානය නතර කිරීමට හේතු පැහැදිලි කළේ මෙසේය. “දින සීයේ ආණ්ඩුවේ මුදල් ඇමැතිකම ගන්න මට එන්න කිව්වා... මම බැහැ කිව්වා... ඕක දැනගත්තම අර්ජුන ද සිල්වා මගෙන් ඇහුවා මුදල් ඇමැතිකම නොගෙන ඉන්න පුළුවන් නම් දුම්පානය නොකර ඉන්න බැරි ඇයි කියලා... මටත් හිතුණා ඒක නම් ඇත්ත තමයි කියලා... අනෙක් අතට මම සිගරට් බිබී හිටියොත් මහින්ද මහත්තයාගේ ආණ්ඩුවක් එනවා දකින්න වෙන්නේ නැති වෙයි කියලා හිතුණා... ඒ හින්දා නරක පුරුද්ද අතහැරලම දැම්මා...“ බන්දුල කීවේය.
 

More News..