brand logo

සිංහ කොඩිය එපා කියා ත්‍රි'මලේ පෙළපාලි

05 February 2021

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ත්‍රිකුණාමලයේ සිවිල් ක්‍රියාකාරීන්, ආගමික නායකයන් හා දේශපාලකයන් ඇතුළු විශාල පිරිසක් ත්‍රිකුණාමලයේ විරෝධතා පෙළපාලියක් ආරම්භ කර තිබේ. දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදන් වූවන්ගේ ගැටළු වලට විසඳුම් ලබා ගැනීම, යුද්ධයේදී සිදුවූ බව කියන යුද අපරාධ විමර්ශනය කිරිම හා වගවීම, වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කිරීම මොවුන්ගේ ඉල්ලීම් වේ. අම්පාර පොතුවිල් සිට උතුරට ගමන් කෙරෙන විරෝධතා පෙළපාලිය අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා නිදහස් සැමරුම් උත්සවයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ කතාවට ප්‍රතිචාර දක්වා ඇත. මෙම විරෝධතාවයේ අරමුණු වෙනස් කරමින් ත්‍රිකුණාමල නගර මධ්‍යයේදී සිංහ කොඩිය අපට එපා කියමින් විරෝධතා සටන් පාඨ කියමින් ගමන් කළ අතර එහිදී ප්‍රකෝප වූ ප්‍රදේශවාසීන් විසින් යම් විරෝධතාවයක් ත්‍රිකුණාමලය මරතඩි ප්‍රදේශයේදී දක්වන ලදී. https://youtu.be/__mYv0LP3lA
 

More News..