brand logo

සිංහල සහ දෙමළ භාෂා ගුරුවරුන් 25000කගේ හිඟයක්

20 April 2019

රාජ්‍ය භාෂා වන සිංහල හා දෙමළ භාෂා ගුරවරුන් විසිපන්දහසකට ආසන්න ප්‍රමාණයක හිඟයක් පවතින බව වාර්තා වේ. ඒ අනුව සිංහල භාෂා ගුරුවරුන් දොළොස්දහස් එකසිය හැත්තෑ අටක (12178) හා දෙමළ භාෂා ගුරුවරුන් දොළොස් දහස් එකසිය තිස් හතරක (12,134) අඩුවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. ඉන් වැඩිම දෙමළ මාධ්‍ය ගුරුවරුන් හිඟයක් පවතින්නේ නැගෙනහිර පළාතේ වන අතර එම ප්‍රමාණය තුන්දහස් තුන්සිය හතළිස් හයකි. (3346) එම පළාතට සිංහල ගුරුවරුන් එක්දහස් දෙසිය අනූනවයක්ද (1299) අඩුව පවතී. මීට අමතරව උතුරු පළාතට දෙමළ මාධ්‍ය ගුරුවරුන් (2960) අඩුවක්ද උතුරු මැදට දෙමළ මාධ්‍ය ගුරුවරුන් (2058) හිඟයක්ද පවතින බව වාර්තා වේ. මෙම පුරප්පාඩුවලට 2015 පසු වසර 3ක් විද්‍යා පීඨවලට බඳවා නොගැනීමද බලපා ඇත. සුගන්ධි බස්නායක
 

More News..