brand logo

සිංහල මව්වරුන් 4000ක් වඳ භාවයට පත් කළා යැයි කියන සිදුවීම ගැන පාර්ලිමේන්තුවේ අවධානය යොමුවෙයි

23 May 2019

සිංහල බෞද්ධ මව්වරුන් 4000කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන සිදුවීම සහ ඊට සම්බන්ධ තව්හිද් ජමාත් ත්‍රස්ත සංවිධානයට සම්බන්ද වෛද්‍යවරයා සම්බන්ධයෙන් වහාම සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කථානායකවරයා විසින් ඉල්ලා සිටියා. සිසේරියන් සැත්කම්වලින් පසු අදාළ වෛද්‍යවරයා සිංහල බෞද්ධ මව්වරුන් හාරදහසක් වඳකර ඇති බවට මාධ්‍ය පළ කළ පුවතක් සම්බන්ධයෙන් සුසිල් ප්‍රේමජයන්ත් මහතා විසින් පාර්ලිමේන්තුව දැනුවත් කළ අවස්ථාවේදීයි කථානායකවරයා මේ බව සදහන් කළේය. එම අවස්ථාවේදී කථානායක කරූ ජයසූරිය මහතා කියා සිටියේ තමන් විසින් අද උදෑසන පොලීසියෙන් සහ බුද්ධි අංශ නිලධාරීන්ගෙන් මේ පිළිබදව කළ විමසීමකදී ඔවුන් පවසා ඇත්තේ එවැනි සිදුවීමක් පිළිබදව වාර්තා නොවූ බවයි. කෙසේ නමුත් අදාළ මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ, සිංහල බෞද්ධ මවුවරුන් පළමු දරු උපත සඳහා සිසේරියන් සැත්කමට භාජනය වෙද්දී සැකකාර වෛද්‍යවරයා ඉතාම සූක්ෂම ආකාරයට එම මවුවරුන්ගේ ශරීරයේ පැලෝපීය නාලය ගැටගසා ඔවුන් වඳ භාවයට පත් කර ඇති බවයි. සැත්කමට භාජනය වන සිංහල බෞද්ධ මවුවරුන්ට නොදැනෙන්නට මෙම වෛද්‍යවරයා මේ ආකාරයට ඔවුන් වඳ භාවයට පත් කර ඇති බවයි. සැකකාර වෛද්‍යවරයා වසර ගණනක් තිස්සේ ගැබිනි මවුවරුන් හත්දහසකට වැඩි පිරිසකට සිසේරියන් සැත්කම සිදු කර ඇති අතර ඒ අතරින් හාරදහසකට අධික බෞද්ධ මවුවරුන් මේ ආකාරයට වඳ භාවයට පත් කර ඇති බවයි.
 

More News..