brand logo

සිංහල ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන්නේ කොන්දේසි විරහිත ආදරයක්

15 August 2022

"කවදා හරි ජාත්‍යන්තර මට්ටමින් හෝ ලංකාවේ හෝ බිහිවෙන සිනමා නිර්මාණයකින් මගේ රංගන හැකියාවන් දැක බලාගන්න ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙක් කැමැත්තෙන් ඉන්නවා. දමිළ චිත්‍රපටයක හෝ සිංහල චිත්‍රපටයක ප්‍රධාන චරිතයකින් මාව මුණගැහෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා මට වැඩිපුරම ආදරය කරන සිංහල ප්‍රේක්ෂකයන් කියනවා. කවදාවත් දමිළ ප්‍රේක්ෂකයන්ගෙන් මට ඒ වගේ ප්‍රතිචාරයක් ලැබිලා නෑ. ඉතින් මට ආදරය කරන මගේ ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තුව ඉටු කරමින් සිනමා නිර්මාණයක ප්‍රධාන චරිතයකට සම්බන්ධ වීම තමයි මගේ ලොකුම බලාපොරොත්තුව." May be an image of 1 person, beard, wrist watch and outdoors මේ දවස්වල බොහෝ තරුණියන්ගේ සිහින කුමාරයා වන දර්ශන් තවරාජා තමයි තමන්ගේ අනාගත බලාපොරොත්තු ගැන ඒ විදියට වචන එකතු කළේ. බොහෝ දෙනෙක් ඔහුට කතා කරන්නේ දර්ශු එහෙමත් නැත්නම් දර්ශන් කියලා. උපතින්ම දමිළ ජාතිකයෙක් වෙන දර්ශන් ජනප්‍රිය තුර්කි රංගන ශිල්පියෙකුගේ හැඩ රුවට බොහෝ සෙයින් සමානකම් දක්වනවා කියලා ප්‍රේක්ෂකයන් කියනවා. ලංකාවේ තරුණියන්ගේ ආකර්ෂණය දිනාගත්ත දර්ශන් වැඩිපුරම රඟපාන්න කැමැති දුෂ්ට චරිත කියලා තමයි අපිට ආරංචි වුණේ. "මගේ පෙනුමට, කතාබහට ගැළපෙන්නේ දුෂ්ටයාගේ චරිතය කියලා මම හිතනවා. ඒ නිසා වැඩිපුර දුෂ්ටයාගේ චරිතවලට ආරාධනා ලැබෙනවා නම් මම කැමතියි. හැබැයි ඒ දුෂ්ටයාටත් හිතා ගන්න බැරි තරම් පිරිසක් ආදරය කරනවා. මේ කලාව ඇතුළේ ගායක ගායිකාවන්, නළු නිළියන් තමන්ටම ආවේණික මොනවා හරි දෙයක් නිර්මාණය කරගෙන තියෙනවා. ඒ වගේ කවදාහරි බොහෝ දෙනෙක් කතා වෙන, ආදරය කරන දුෂ්ටයා කියද්දී මගේ නම මතක් වෙන තැනට මගේ දක්ෂතා හැකියා ඔප්නංවා ගැනීම තමයි මගේ බලාපොරොත්තුව. කවදා හරි ලංකාවේ විලන් කියන තැනට මම මගේ නම බ්‍රෑන්ඩ් එකක් කරනවා." May be an image of 1 person, beard and outdoors සමාජ මාධ්‍යවල, විශේෂයෙන්ම මුහුණු පොතේ දර්ශන් මේ දිනවල අතිශයින්ම ජනප්‍රියයි. ඔහුගේ රඟපෑම් ගැන වගේම කඩවසම් බව ගැනත් බොහෝ දෙනෙක් කතා වෙනවා. ජාති ආගම් භේදයකින් තොරව හැමෝගෙම ආදරය අඩුවක් නැතුව ලබා ගන්න තරම් වාසනාවන්ත වුණු මේ කඩවසම් දුෂ්ටයා ගැන ප්‍රේක්ෂකයන් වැඩි දෙනෙක් දැනගන්නේ ජනප්‍රිය ගායිකා රයිනි චාරුකාගේ ‘කළුවරට හිත බය හින්දා’ ගීතය නිසා. මට දෙරණෙන් හිතුවක්කාරි නාට්‍යයට ආරාධනා ලැබිලා ජොබ් එකෙන් අයින් වෙලා රඟපෑමට එන්න හදනකොට එපා කියලා ගොඩක් අය කිව්වා. ඒත් රඟපෑමෙන් තමයි මට දෙයක් කරන්න පුළුවන් කියලා මම හැම වෙලාවකම හිතුවා. May be an image of 1 person, beard, standing and outdoors රංගන ශිල්පියෙක් වෙන්න කුඩා කාලයේදීවත් හිතේ බලාපොරොත්තුවක්වත් නොතිබුණ තරුණයෙක්, තමන්ගේ රැකියාවෙන් පවා අයින් වෙලා රඟපාන්න තීරණය කරනවා. නළුවෙක් වෙන්න නම් සිංහල ප්‍රේක්ෂකයන්ගේ අවධානයත් දිනා ගත යුතුයි කියලා තේරුම් ගත්ත මේ තරුණයා තමන්ගේ අරමුණ වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්නවා. දෙරණ රූපවාහිනිය ඔස්සේ විකාශය වූ ‘හිතුවක්කාරි’ ටෙලි නාට්‍යයේ රූගතකිරීම් අවසන් වී තිබුණත්, එය විකාශය වෙන්නත් කලින් දර්ශන්ට රයිනිගේ කළුවරට හිත බය හින්දා ගීතයේ රූප රචනාව සඳහා ආරාධනා ලැබෙනවා. දර්ශන්ගේ වචනවලින්ම කියනවා නම් ‘කළුවරට හිත බය හින්දා’ ගීතය තමයි ඔහුගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය. රයිනිගේ ගීතයෙන් පසුව දෙරණ නාළිකාව ඔස්සේ ‘හිතුවක්කාරි’ ටෙලි නාට්‍යයත් විකාශය වෙන්න පටන් ගත්තා. ඒ නාට්‍යයේ දර්ශන් රඟපාන චරිතයටත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. උපතින්ම දමිළ ජාතිකයෙක් වන තමාට සිංහල නිර්මාණවල රඟපාන්න ලැබීම සහ සිංහල ප්‍රේක්ෂකයන්ගෙන් මේ තරම් හොඳ ප්‍රතිචාර ලැබීම වාසනාවට වුණු දෙයක් කියලා තමයි දර්ශන් නම් කියන්නේ. කොහොම වුණත් සිංහල නිර්මාණවල පිටපත් කියවීමේදී මුල් කාලයේ යම් යම් ගැටලුවලට මුහුණ දෙන්න වුණා කියලත් දර්ශන් මතක් කළා. May be an image of 1 person, beard and pool "මට මුලදි පිටපත් කියවන්න බෑ. අධ්‍යක්ෂවරයා ඩයලොග් කියලා දෙනවා. මම ඒක පාඩම් කරලා රඟපානවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ තිළිණ බොරලැස්ස මහත්මයාව. ඔහු මට ගොඩක් උදව් කළා සිංහල ඩයලොග් හදාගන්න. මම ටාගට් එකක් හදාගත්තා මම සිංහල කියවන්න හුරුවෙනවා කියලා. මේ වෙද්දී සිංහල කියවන්නත්, සිංහල ගීත ගායනා කරන්නත් මට පුළුවන්. ඉදිරියේදී සිංහලෙන් ලියන්නත් පුරුදු වෙමින් ඉන්නවා." බොහෝ දෙනෙක්ගේ ආදරය අඩුවක් නැතිව ලබන ජාති, ආගම් භේදයක් නැතිව තරුණියන්ගේ සිහින කුමාරයා වුණු දර්ශන්ගෙන් ආදරය ගැන අහන්නත් අපි අමතක කළේ නෑ. "ආදරය කියන්නේ හරි සුන්දර දෙයක්. ඒ ආදරයට ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන්. අද දර්ශන් තවරාජා කියලා මට තැනක් ලැබිල තියෙනවා නම් ඒ ප්‍රේක්ෂකයන්ගේ ආදරය හින්දා. විශේෂයෙන්ම සිංහල ප්‍රේක්ෂකයන් මට කිසිම කොන්දේසියක් නැතිව ඔවුන්ගේ ආදරය ලබා දුන්නා. මම නිර්මාණ ගොඩක රඟපාලා නැහැ. ඒත් මම රඟපෑව නිර්මාණ දෙක තුනට මට මේ තරම් ආදරයක් ලබාදෙන ප්‍රේක්ෂකයන්ගේ ආදරයට උපරිම සාධාරණයක් කරන්න, ඒ වෙනුවෙන් රංගනය ගැන තවත් හදාරමින් හොඳ දෙයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා." නිරෝෂා වාසල May be an image of 1 person, beard, standing, overcoat and outdoorsMay be an image of 1 person, standing, tree and outdoorsMay be an image of 1 person, beard, standing and indoorMay be an image of 1 person, standing and indoor
 

More News..