brand logo

සිංහල – දෙමළ අලුත් අවුරුද්ද උදාවෙයි

13 April 2020

සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම හෙවත් සිංහල දෙමළ අලුත් අවුරුද්ද අද (13) උදාවෙයි. මෙවර අලුත් අවුරුදු නැකත් චාරිත්‍රවලට අනුව අපර භාග 8.23ට අලුත් අවුරුද්ද උදාවිණි. අපර භාග එක පසු වී විනාඩි 59ට ආරම්භ කෙරුණු පුණ්‍ය කාලය හෙට අලුයම 2.47 දක්වා ක්‍රියාත්මකයි. මෙවර අලුත් අවුරුදු නැකැත්වලට අනුව ආහාර පිසීම අද දින අපරාභාග 10.05ට සුදු පැහැති වස්ත්‍රභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳගිනි මොලවා දී කිරි මිශ්‍ර කිරිබතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් සහ අග්ගලා පිලියෙළ කර ගැනීම මැනවි බව සඳහන්. අපරභාග 10.43ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය සිදුකළ යුතු බව නැකැත් පත්‍රයේ සඳහන්.
 

More News..