brand logo

සිංහයන්ගේ වේග පන්දු පුහුණුකරු ලෙස බ්‍රෙට් ලී පත්කිරීමේ සුදානමක්

21 October 2019

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ඕස්ට්‍රේලියානු සංචාරයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස හිටපු ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නෙකු වූ බ්‍රෙට් ලී පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි. දැනට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු සහ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා කටයුතු කරයි. ලෝක ක්‍රිකට් පිටියේ 2000 දශකයේ මුල් භාගයේ දකුණතින් වේගවත්ම පන්දු යවන්නා ලෙස නම් දැරූ බ්‍රෙට් ලී ටෙස්ට් තරඟ 76 කදී කඩුලු 310ක් ද එක්දින තරඟ 221 කදී කඩුලු 380ක් දවා ගැනීමට සමත්ව ඇත. ඔහුට වයස අවුරුදු 42ක් වෙයි.
 

More News..