brand logo

සිංහයන්ගෙන් කැන්ගරුවන්ට ලකුණු 130ක අභියෝගයක්

24 October 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායම අතර පන්දුවාර 20 තරගය කැන්බරා හි මේ වන විට පැවැත්වෙමින් තිබේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල මුලින්ම පන්දුවට පහරදෙමින් නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 8ක් දැවී ලකුණු 130ක් රැස්කර ගත්තේය. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ඕෂධ ප්‍රනාන්දු ලකුණු 38ක් රැස්කර ගත් අතර, වනිදු හසරංග ලකුණු 25ක් සහ භානුක රාජපක්ෂ ලකුණු 24ක් රැස්කර ගැනීමට සමත් විය. ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායම මේ වන විට පන්දුවාර 9ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 49ක් රැස්කර ගෙන සිටී. https://www.facebook.com/ArtisanBorhan/videos/390767468497342/
 

More News..