brand logo

සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් E-learning පහසුකම් හඳුන්වා දෙයි

07 July 2020

දේශීය විලාසිතා නිර්මානකරණ ක්ෂේත්‍රය තුළ වූ කුසලතා වර්ධනය කිරීම උදෙසා කැපවෙමින් ක්‍රියා කරන සිංගර් හි අනුබද්ධිත ආයතනයක් වන සිංගර් ෆැෂන් ඇකඩමිය වසර 60 කට අධික ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන කීර්තිමත් ආයතනයකි. ශ්‍රී ලංකාවේ විලාසිතා නිර්මානකරණ අධ්‍යාපනයේ නවොත්පාදකයා ලෙස නම් දරා ඇති සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් Covid-19 වසංගතයෙන් සමස්ත ලෝකයටම දැඩි බලපෑම් එල්ලවී ඇති තත්ත්වයක් තුළ, මැහුම් කලාව ඉගෙනීමට උනන්දුවක් දක්වන්නන් සඳහා සිය ඉගෙනීමේ කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙනයා හැකි වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබේ. මෙහිදී ඔවුන් හඳුන්වා දුන් E-learning අවකාශයන් හරහා online පාඨමාලා රැසක් සඳහා ලොගින් වීම තුළින්, වීඩියෝ සහ විවිධ නිබන්ධන වෙත පිවිසීමෙන් ඉතා පහසුවෙන්ම ඉගෙනුම් කටයුතු වල නිරත වීමේ හැකියාව සිසුන්ට හිමි වේ. දවසේ ඕනෑම වේලාවක පහසුවෙන් ප්‍රවේශ වීමට ඇති හැකියාව, දැරිය හැකි පහසු මිල සහ ආරක්ෂිතව නිවසේ සිටම සිය කුසලතා ඔප්නංවා ගැනීමට හැකියාව ලැබීම නිසා මෙම E-learning ක්‍රමවේදය ඕනෑම අයකුට ඉතා ඵලදායීව ඉගෙනුම් කටයුතු සිදු කිරීමට අවකාශය සපයයි. විද්‍යාත්මක ඇඳුම් නිර්මාණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව, සාරි බ්ලවුස් පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව සහ කුඩා දරුවන් සඳහා වෙන්වුණු මැහුම් ගෙත්තම් පිළිබඳ පාඨමාලාව සඳහා මෙම E-learning අවකාශය හරහා දැන් ප්‍රවේශ විය හැකි අතර, ඉදිරියේදී තවත් පාඨමාලා රැසක් සඳහා මෙම අවකාශය ව්‍යාප්ත වනු ඇත. මෙම සහතික පත්‍ර පාඨමාලාවන් සාර්ථකව නිම කරන සිසුන් සියලු දෙනා හට ඇකඩමිය විසින් මෙහෙයවනු ලබන ඩිප්ලෝමා පාඨමාලාවන් සඳහා යොමු වීමේ හැකියාව හිමිවීම සුවිශේෂී වේ.
 

More News..