brand logo

සිංගර් ෆැෂන් ඇකඩමිය විලාසිතා නිර්මාණකරණ ක්ෂේත්‍රයේ ව්‍යවසායකත්වය දිරි ගන්වයි

04 November 2019

වසර 60කට අධික කාලයක් මෙරට විලාසිතා නිර්මාණකරණ ක්ෂේත්‍රයේ නිරත වීමට අපේක්ෂා කරන්නන් සඳහා ජාත්‍යන්තර වෘත්තීය ගමන් මගක් උරුමකර දුන් සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් සිසුන් දහස් ගණනක් සාර්ථක ව්‍යවසායකයන් බවට පත්කර ඇති බව බොහෝ දෙනෙකු දන්නා කාරණයකි. නගරයට පමණක් සීමා වූ විලාසිතා නිර්මාණකරණ අධ්‍යාපනය ග්‍රාමීය මට්ටමටද රැගෙන ගොස් රටෙහි ව්‍යවසායකත්වය වර්ධනය තුළින් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් පරපුරක් බිහි කිරීම සඳහා සිංගර් ෆැෂන් ඇකඩමිය සුවිසල් කාර්යභාරයක නිරත වේ. සිසුන් තුළ ඇති නිර්මාණාත්මක හැකියාවන් ඔප්නංවා සාර්ථක නිර්මාණ බිහි කිරීම සඳහා ඔවුන් යොමු කිරීම සඳහා ඉතා නම්‍යශීලි ඉගෙනුම් ප්‍රතිපත්ති අනුගමනය කරන සිංගර් ෆැෂන් ඇකඩමිය තුළින් බිහිවූ වූ සාර්ථක ජීවිත කතා ප්‍රමාණය අති විශාලය. දේශීය සහ විදේශීය සමාගම්වල ඉහළ පෙළේ තනතුරු නියෝජනය කරමින් මෙන්ම තමන්ගේම ව්‍යාපාරයක නියැළෙමින් සාර්ථක ව්‍යවසායකයකු ලෙස ජීවිතය ජයගත් බොහෝ දෙනක්ද ඒ අතර වේ. සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් පවත්වනු ලබන පාඨමාලා හයක් වෙනුවෙන් එක්සත් රාජධානියේ වරලත් නිර්මාණකරුවන්ගේ සංගමයේ (Chartered Society of Designers-UK) CSD Validation තත්ත්වය හිමි වී ඇති අතර එම සංගමයෙන් ඇගයීමට ලත් මෙරට ප්‍රථම ආයතනය බවට පත්වී ඇත්තේ සිංගර් ෆැෂන් ඇකඩමියයි. ඒ අනුව එවැනි වලංගුතා තත්ත්වයක් සහිත පාඨමාලාවක් හැදෑරීම මගින් කීර්තිමත් එක්සත් රාජධානියේ CSD සහතිකය මෙන්ම මෙරට ප්‍රමුඛ සිංගර් ෆැෂන් ඇකඩමියේ සහතිකය ද යන සහතික දෙකම එකවර හිමිකර ගැනීමේ මහඟු අවස්ථාව මෙරට සිසුන්ට හිමිවේ.
 

More News..