brand logo

සිංගර් ශ්‍රී ලංකා, ශ‍්‍රී ලංකාවේ Sony Audio නිෂ්පාදන සන්නාම තානාපතිවරු - භාතිය හා සන්තුෂ්

08 December 2019

සිංගර් ශ්‍රී ලංකා, ශ්‍රී ලංකාවේ Sony Audio නිෂ්පාදන සන්නාම තානාපතිවරු භාතිය හා සන්තුෂ් මෙරට ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් ශ්‍රී ලංකා සෝනි ඉන්ටර්නැෂනල් සමාගම හා එක්ව මෙරට ජනප්‍රියතම සහ දක්ෂතම ගායන ශිල්පීන් දෙදෙනෙකු වන භාතිය සහ සන්තුෂ් සිය සන්නාම තානාපතිවරුන් ලෙස පත්කිරීමට අදාළ ගිවිසුම අලුත් කරන ලදී. මේ සඳහා වන නව ගිවිසුමට අත්සන් තැබීම පසුගියදා කොළඹදී පැවැති අතර එම අවස්ථාව සඳහා සිංගර් ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා, අලෙවි අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ මහතා, අලෙවි කළමනාකරු පියුම් ජයතිලක මහතා, සිංගර් ශ්‍රී ලංකාහි සන්නාම කළමනාකරු තාරක වර්ණකුලසූරිය යන මහත්වරු සිංගර් ශ්‍රී ලංකා වෙනුවෙන් මෙම අවස්ථාවට සහභාගි වූ අතර, සෝනි ඉන්ටර්නැෂනල් (සිංගප්පූර්) හි ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයේ ප්‍රධානි ජස්ටින් වොන්ග්, RMDC Sony ඉන්ටර්නැෂනල් හි සභාපති අතුෂි එන්ඩො Sony ඉන්ටර්නැෂනල් සිංගප්පුර් සමාගමේ වෙළෙඳ සංවර්ධන කළමනාකරු ජොශුආ q Sony ඉන්ටර්නැෂනල් සිංගප්පූරු සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයේ අලෙවි ප්‍රධානි ඩිල්ශාන් ගම්මන්පිල යන මහත්වරු Sony වෙනුවෙන් එක්ව සිටියහ. මෙරට සංගීත ක්ෂේත්‍රයේ පුරෝගාමී චරිත දෙකක් වශයෙන් අතිශය ජනාදරයට පත් භාතිය හා සන්තුෂ් මෙරට සංගීත ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට සමත්වූ තම ආවේණිකත්වය ගොඩනගා ගත් දක්ෂ ගායකයන් දෙදෙනෙකු වෙයි. Sony සන්නාම තානාපතිවරුන් ලෙස පසුගිය වසරේදී භාතිය සහ සන්තුෂ් පත්කිරීමෙන් අනතුරව Sony නිෂ්පාදන සන්නාමය මහජනතාව අතර වඩාත් ප්‍රසිද්ධියට සහ ආකර්ෂණයට ලක් වූ හෙයින් සිංගර් විසින් Sony නිෂ්පාදන අලෙවියෙහි විශාල ප්‍රගතියක් අත්පත් කරගන්නා ලදී. තවද වසර ගණනාවක් තිස්සේ තත්ත්වයෙන් උසස්, සුපිරි තාක්ෂණය, මනා නිමාව, ආදිය සමගින් වෙළඳපොළට එන සෝනි ශ්‍රව්‍ය නිෂ්පාදන තවදුරටත් පාරිභෝගික හදවත් වෙත සමීප කරවීමට මෙම ජනප්‍රිය ගායකයන් දෙපළට පහසුවෙන්ම හැකිවිය. මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා පෙන්වා දුන්නේ මෙරට ජනප්‍රියතම ගායන ශිල්පීන් දෙපලක් වන භාතිය හා සන්තුෂ් වයස් භේදයකින් තොරව සියලුදෙනා අතර අතිශය ජනාදරයට පත් ගායන ශිල්පීන් වන බවයි. සෝනි ඉන්ටර්නැෂනල් හා එක්ව සිංගර් ශ්‍රී ලංකා විසින් සෝනි ශ්‍රව්‍ය නිෂ්පාදන (Sony Audio) සඳහා මෙම ජනප්‍රිය ගායන ශිල්පීන් වෙත නැවත මෙම සන්නාම තානාපතීත්වය පිරිනැමීමට අවස්ථාව හිමිවීම සාඩම්බර කරුණක් බවත්, මෙම ගිවිසුම හරහා සෝනි ශ්‍රව්‍ය නිෂ්පාදන තවදුරටත් පාරිභෝගික හදවත් වෙත සමීප කරවීමට මෙම ජනප්‍රිය ගායකයින් දෙපලට පහසුවෙන්ම හැකිවනු ඇති බවද හෙතෙම විශ්වාසය පළ කළේය.
 

More News..