brand logo

සිංගර් ශ්‍රී ලංකා මෙරට පරිගණක අලෙවියේ මුල් තැන හිමිකර ගනී

03 October 2020

මෙරට පාරිභෝගික භාණ්ඩ වෙළෙඳාමේ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමාගම, පසුගියදා නිකුත් වූ ඉන්ටර්නැෂනල් ඩේටා කෝපරේෂන් (IDC) වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ අංක එකේ පරිගණක අලෙවිකරු ලෙස නම්කර තිබේ. ශීතකරණ, රූපවාහිනී හා මහන මැෂින් ඇතුළු නිෂ්පාදන රැසක් සහිත සිංගර් ශ්‍රී ලංකා සමාගමේ වෙළෙඳපොළ ප්‍රමුඛත්වය මේ හරහා යළි තහවුරු වේ. පාරිභෝගික විද්‍යුත් උපකරණ ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් අවබෝධයක් හා විශ්වාසනීය විශිෂ්ටත්වය පිළිබඳ ශක්තිමත් පසුබිමක් ද රැගත් සිංගර් ශ්‍රී ලංකා සමාගම, 2000 දශකය මුල එනම්, නව සහස්‍රකයේ උදාවත් සමග මෙරට පාරිභෝගිකයන්ගේ පරිගණක අවශ්‍යතා සපුරාලීමට ඉදිරිපත් විය. වර්තමානය වන විට සිංගර් ශ්‍රී ලංකා සමාගම Dell, Asus හා Huawei ආදී ලොව ඉහළ පෙළේ පරිගණක අලෙවිය අතින් මෙරට පෙරමුණට පැමිණ තිබේ. මෙම සාර්ථකත්වය පිළිබඳ අදහස් දක්වමින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ ශනිල් පෙරේරා මහතා මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාවේ අංක එකේ පරිගණක අලෙවිකරු බවට පත්වීම, ඩිජිටල් නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ ඉදිරියට පැමිණීම සඳහා සමාගම භාවිත කළ ක්‍රමෝපායේ ඵලදායීතාවට කදිම සහතිකයක් ලෙස හැඳින්විය හැකියි. 2019 වසරේදී අපගේ වෙළෙඳපොළ පංගුව 29%ක්. නමුත් කොවිඩ් වසංගතයත් සමග ජන ජීවිතය හා ජීවන විලාසය වෙනස් වීම නිසා ලැප්ටොප් සහ පරිගණක අංශය තවදුරටත් වර්ධනය වේවි. විශේෂයෙන් ම කාර්යාලයෙන් බැහැර සිට සේවය කිරීම, නිවසේ සිට අධ්‍යාපන කටයුතුවල නිරතවීම සහ ඩිජිටල් නිෂ්පාදන හා ගනුදෙනු කිරීම වැඩිවීමත් සමග පරිගණක සඳහා ඇති ඉල්ලුමත් වැඩිවෙලා. අප සතුව පුළුල් පරාසයක පරිගණක හා ලැප්ටොප් නිෂ්පාදන පවතින නිසා මේ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමේ හැකියාව අප සතුයි. ඒ වගේ ම අපගේ පාරිභෝගිකයන් වෙනුවෙන් වටිනා සහ උසස් තත්ත්වයේ නිෂ්පාදන ලබාදීම ගැන අප සතුටු වන අතරේ, ඉදිරියටත් අපගේ වෙළෙඳපොළ ප්‍රමුඛත්වය වර්ධනය කරගැනීමට අපේක්ෂා කරනවා”.
 

More News..