brand logo

සිංගර් වෙතින් රටම එළිය කරන ඩීසල් ජෙනරේටර් නවතම මාදිලි දෙකක් වෙළඳපොළට

31 August 2020

ශ්‍රී ලංකාවේ මාස කිහිපයක් කඳුකරයට වැසි නොලැබෙන කාලගුණයක් පවතින අවස්ථාවන්හිදී 'ලයිට් කැපීම' සුලබ මාතෘකාවකි. වර්තමානයේ ජලවිදුලි බලාගාරවලට අමතරව අනෙකුත් බලශක්ති ප්‍රභවයන් මගින් විදුලි උත්පාදනය සිදු වුවද එවන් සම්ප්‍රේෂණ මධ්‍යස්ථානවල කාර්මික දෝෂයන් නිසා සිදුවන විදුලිය බිඳ වැටීම් අවස්ථාද නිරතුරුවම අපි අත් විඳිමු. විදුලිය ඇනහිටීම මහා පරිමාණ ව්‍යාපාර සඳහා සෘජු බලපෑමක් බොහෝවිට ඇති නොකරන්නේ ඔවුන් ව්‍යාපාර ආරම්භයේදීම ඒ සඳහා විදුලි ජනක යන්ත්‍ර ස්ථාපිත කොට සූදානම්ව සිටින බැවිනි. එහෙත් බොහෝ සුළු පරිමාණ ‍ව්‍යාපාරිකයන් මේ තත්ත්වයට මුහුණ දීම සඳහා පෙර සූදානමක් නොමැති වීම තුළින් ව්‍යාපාර කටයුතු අතරමග නතර වීමෙන් ව්‍යාපාරිකයාටත් පාරිභෝගිකයාටත් එමෙන්ම අවසානයේ රටේ ආර්ථිකයටත් එල්ල වන්නේ විශාල බලපෑමකි. නිවසක වුවද එම බලපෑම සුළුපටු නොවන්නේ නිවැසියන්ගේ සුපුරුදු ජීවන රටාව දවසේ අතරමග නැවතීම තුළින් සියල්ල අඩපණ වීම නිසාය. පවුලේ සාමාජිකයන් ක්‍රමානුකූලව සැලසුම් කළ කටයුතු නිසි පැයේ දී සම්පූර්ණ කළ නොහැකි වීමෙන් දවස අවසානයේ සියලු සාමාජිකයන් අපහසුතාවට පත්වීම් අත් නොවිඳි පවුලක් නැති තරම් ය. මේ නිසා අප කළයුත්තේ සියලු කාර්යයන්ගෙන් මිදී විදුලිය ඇනහිටීමට හේතු සොයමින් කාලය ගත කිරීම නොව ඊට විසඳුමක් සොයා තම කටයුතු අඛන්ඩව කරගෙන යාමේ හැකියාව සොයා බැලීමය. මේ සඳහා සෑම රටකම පිළිගත් එකම සාධනීය විකල්පය විදුලි ජනක යන්ත්‍රයයි, නැතහොත් ජෙනරේටරයයි. විවිධ ජෙනරේටර් වර්ග වෙළෙඳ පළෙහි තිබුණද ඔබේ අවශ්‍යතාවය සහමුලින්ම සපුරාලන හොඳම විසඳුම වන්නේ සිංගර් ජෙනරේටරයක් ළඟ තබා ගැනීමයි. රටම එළිය කරන සිංගර් ජෙනරේටර් පෙළට අලුතින්ම එකතු වූ සාමාජිකයන් දෙදෙනා වන්නේ වොට් 5000 (5KVA) සහ වොට් 3500 (3.5KVA) ඩීසල් ජෙනරේටර් මාදිලි 2 යි.
 

More News..