brand logo

සිංගර් වෙතින් ඉහළ ධාරිතාව ඇති ස්මාර්ට් ඉන්වර්ටර් ශීතකරණ මාදිලි හයක්

09 November 2019

ශ්‍රී ලංකාවට කල්පවතින භාණ්ඩ හඳුන්වා දීමේ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමාගම, නවතම ශීතකරණ මාදිලි හයක්, එළිදැක්වීමේ උ‍ළෙල, සිංගර් ශ්‍රී ලංකා සමාගමේ සභාපති මොහාන් පණ්ඩිතගේ මහතාගේ හා සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන, සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. අලුතෙන්ම හඳුන්වා දුන් මාදිලිවල ඇති විශේෂත්වය නම් ඒවා ලීටර් 260 සිට ලීටර් 300 දක්වා ඉහළ ධාරිතාවකින් යුක්ත වීමයි. R 600a ශක්තිය ඉතිරි කරන, ඉන්වර්ටර් තාක්ෂණයෙන් යුත් මෙම ශීතකරණ, වැඩි ශක්තියක් වැය වන අනෙකුත් ශීතකරණ අතර සුවිශේෂී වෙයි. 2013 වසරේදී, ශක්තිය ඉතිරි කරන අංග ඇතුළත් ඉතා කෙටි කාලයකින් ජනප්‍රිය වූ R600a තාක්ෂණය දකුණු ආසියාවට හඳුන්වා දීමේ පුරෝගාමියා සිංගර් ශ්‍රී ලංකා සමාගම විය. ශ්‍රී ලංකාවේ ශීතකරණ වෙළෙඳපොළෙන් 50%කට වැඩි වෙළෙඳපොළක් අඛණ්ඩව අත්පත් කර ගෙන සිටීමේ හැකියාවද සිංගර් ශ්‍රී ලංකා සමාගම සතුව තිබේ. ඒ හැරුණු විට, 2017 අග භාගයේදී මුල් වරට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ GEO Smart intelligent ශීතකරණයද සිංගර් ශ්‍රී ලංකා සමාගම වෙතින් වෙළෙඳපොළට නිකුත් කෙරිණි. 2013 වසරේ පටන් මේ දක්වා සිංගර් ශ්‍රී ලංකා සමාගම, ශීතකරණ මිලියනයකට වඩා අලෙවි කර ඇතැයි සාඩම්බරයෙන් සඳහන් කරයි. අඩු බලශක්තියක් වැය වන එම පරිසර හිතකාමී ශීතකරණය භාවිතයේ ඇති වාසි පිළිබඳව ප්‍රචාරය කළ සිංගර් පාරිභෝගිකයෝද ශීතකරණ වෙළෙඳපොළ ජය ගැනීමට සිංගර් ශ්‍රී ලංකා සමාගමට සහාය දැක්වූහ. ශ්‍රී ලංකාවේ ශීතකරණ වෙළෙඳපොළේ පෙරමුණ ගැනීමට හැකි වීම සිංගර් ශ්‍රී ලංකා සමාගම ලැබූ සුවිශාල ජයග්‍රහණයක්. විශේෂයෙන්ම නවෝත්පාදකයකු හැටියට නවතම තාක්ෂණය හා ශක්තිය ඉතිරි කරන විශේෂාංග මුසු කරමින්, ශ්‍රී ලංකාවේ ශීතකරණ වෙළෙඳපොළට හොඳම නිෂ්පාදන අපි ඉදිරිපත් කර තිබෙනවා. දේශීය නිෂ්පාදන හරහා ජාත්‍යන්තර මට්ටමට ළඟා වීමට හැකිවනු දැකීම අපට ආඩම්බරයක්. ඒ වගේම මාදිලි හයකින් ශීතකරණ වෙළෙඳපොළට නිකුත් කිරීමත් සිංගර් ශ්‍රී ලංකා සමාගම ලද විශේෂ ජයග්‍රහණයක් වෙනවා’’ එලෙස අදහස් දක්වමින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා සඳහන් කරයි. සිංගර් ශීතකරණ ඉහළ ධාරිතාවයක් දක්වා වැඩි දියුණු කිරීමේදී, පාරිභෝගික අවශ්‍යතා සපුරාලනු පිණිසද ප්‍රමාණයෙන් විශාල ශීතකරණ මිලදී ගැනීමට කැමැති උදවිය ඉලක්ක කර ගනිමින්ද සුවිශාල ධාරිතාවයකින් යුතු ශීතකරණ නිපදවීමේ කටයුත්ත සිංගර් ශ්‍රී ලංකා සමාගම භාර ගෙන තිබුණි. ‘‘මෙම ශීතකරණ ශ්‍රී ලංකාව තුළම නිෂ්පාදනය කිරීමට ලැබීම ශ්‍රී ලාංකිකයන් හැටියට අපි ඉතා ආඩම්බරයට පත් වෙන කාරණයක් වගේම, අපගේ නිෂ්පාදන මගින් ශ්‍රී ලංකාවේ ශීතකරණ වෙළෙඳපොළ අත්පත් කර ගැනීමට හැකි වීම අප ලද ජයග්‍රහණයක් හැටියට සලකන්න පුළුවන්. නුදුරු අනාගතයේදීම, තව තවත් ශ්‍රී ලාංකීය නිෂ්පාදන වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා’‘ සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ මහතා සඳහන් කළේය. ඡායාරූප: ඒෂාන් දසනායක
 

More News..