brand logo

සිංගර් ලයිෆ්ස්ටයිල් ෆියෙස්ටා හිදී නව ඩෙල් ලැප්ටොප් පෙළක් හඳුන්වා දෙයි

15 December 2019

ශ්‍රී ලාංකීය පාරිභෝගිකයාගේ පහසුව පිණිස සහ ඔවුනගේ වෙනස් වන අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයේ ඉහළ ක්‍රියාකාරිත්වයකින් යුත් ආකර්ෂණීය තාක්ෂණික නිෂ්පාදන කලින් කලට වෙළඳපළට හඳුන්වාදෙන ඩෙල් හි නවතම XPS සහ Inspiron මාදීලින්හි ලැප්ටොප් පෙළක් පසුගියදා කොළඹ පැවති උත්සවයකදී හඳුන්වා දීම සිදු කෙරිණි. අලංකාර නිමාව, රැගෙන යාමේ පහසුව සහ උසස් තාක්ෂණික අත්දැකීමක් පාරිභෝගිකයාට හිමි කර දෙමින් දැනට පවතින XPS සහ Inspiron ලැප්ටොප් නිෂ්පාදන පෙළ සඳහා අවශ්‍ය කාර්ය සාධන වාසි ලබා දීමට එම නිෂ්පාදන 10th Gen Intel® Core™ ප්‍රොසෙසරය මගින් බලගන්වා වෙළඳපළට හඳුන්වාදීම මෙහිදී සිදු විය. මේ තුලින් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ගේ ජංගම aපරිගණක අත්දැකීම් තවදුරටත් වර්ධනය වේ යැයි සමාගම අපේක්ෂා කරයි. මෙහිදී හඳුන්වාදුන් XPS 13 2)in)1 මාදිලියේ ලැප්ටොප් ආකර්ෂණීය නිමාවකින් සහ 16:10 සුවිසල් තිරයකින් සමන්විත වන අතර XPS සහ Inspiron මාදිළි ද්විත්වයම සිහින් සහ සැහැල්ලු නිමාවකින්ද යුක්ත වේ. Inspiron මාදිලියේ ලැප්ටොප් ඕනෑම තනි පුද්ගල හෝ ව්‍යාපාරික අවශ්‍යතාවකට උචිත අයුරින් නිර්මාණය කර ඇති අතර එහි දක්නට ලැබෙන Eyesafe® තිරය මගින් වර්ණවල ගුණාත්මකභාවය රඳවා ගනිමින් එහි හානිකර blue light විමෝචනය අවම කිරීම සඳහා උසස් තාක්ෂණය භාවිත කර ඇත. තවද ඩෙල් හි නවෝත්පාදන ක්‍රියාවලිය තුළදී දෝෂ රහිත නිෂ්පාදන නිපදවීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති අතර එම නවෝත්පාදන හැකියාවන්හි ප්‍රතිඵලයක් වන මෙම නවතම හඳුන්වාදීම් මෙරට තාක්ෂණික පාරිභෝගිකයන් අතර ඉතාමත් ඉක්මනින් ප්‍රසිද්ධියට පත් වනු නොඅනුමානය. වර්තමානයේ තාක්ෂණික උපකරණ වෙළඳපළ තුළ සැහැල්ලු සහ රැගෙන යාමට පහසු නිෂ්පාදන සඳහා දැඩි ඉල්ලුමක් පවතී. හුදෙක් සැහැල්ලු නිමාවට අමතරව බලසම්පන්න ක්‍රියාකාරීත්වයෙන් යුත් පරිගණක වෙළඳපළට ඉදිරිපත් කිරීම සඳහා ඩෙල් විසින් නිරන්තරයෙන්ම කැප වෙමින් සිටින බව ඩෙල් ටෙක්නොලජිස් හි ශ්‍රී ලංකා සහ මාලදිවයින් කළමනාකරු ක්‍රිෂාන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. අද හඳුන්වා දුන් නවතම 10th Gen ප්‍රොසෙසරයන් මගින් බලගන්වන ලද ලැප්ටොප් නිෂ්පාදන මගින් සිය පාරිභෝගිකයන්ට ඉතා පහසුවෙන් සිය සංකීර්ණ කාර්යන් සිදු කිරීමට අවශ්‍ය හැකියාවන් ලැබෙන බවද හෙතෙම වැඩි දුරටත් පවසා සිටියේය. මෙහිදී අදහස් දැක්වූ සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා කියා සිටියේ නව්‍ය තාක්ෂණය අත්විඳීමට කැමති ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් ඉලක්ක කර ගනිමින් ඩෙල් විසින් හඳුන්වා දුන් මෙම නවතම ලැප්ටොප් මාදිළි තුළින් එදිනෙදා තාක්ෂණික කාර්යන් ඉතා පහසුවෙන් සිදු කරගැනීමට හැකි වනු ඇති බවයි. මෙවැනිම ආකාරයේ තවත් වැඩි දියුණු කරන ලද නිෂ්පාදන රැසක් සිය වටිනා පාරිභෝගිකයන් වෙනුවෙන් ඩෙල් එක්ව ඉදිරියේදී වෙළඳපළට හඳුන්වාදීමට සුදානම් බවත් හෙතෙම වැඩි දුරටත් කීහ.
 

More News..