brand logo

සිංගප්පුරු ගිවිසුමේ සංශෝධනයට ආණ්ඩුවෙන් කමිටුවක් පත් කරනවා - මලික්

31 January 2019

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් කරන ලද නිදහස් වෙළෙඳ ගිවිසුමේ සංශෝධනය කළ යුතු ක්ෂේත්‍ර මොනවාදැයි හඳුනාගැනීම සඳහා ආණ්ඩුව කමිටුවක් පත් කරන බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවැසීය. ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් කරන ලද නිදහස් වෙළෙඳ ගිවිසුමේ ඇතුළත් ඇතැම් කරුණු සංශෝධනය කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිංගප්පූරු සංචාරය අතරතුරදී සිංගප්පුරු අග්‍රාමාත්‍ය ලී සියෑන් ලුන්ග් හමුවෙමින් සඳහන් කළේය. ඒ අනුව අදාළ කමිටුව පත් කරන බවත් එම කමිටුව සංශෝධනය විය යුතු ක්ෂේත්‍ර මොනවාදැයි අධ්‍යයනය කරනු ඇති බවත් ඒ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව ලබන සතියේදී කැබිනට් අනුමැතිය සඳහා යොමු කරන බවත් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සඳහන් කළ අතර නව කමිටුවේ සොයාගැනීම් ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර තිබෙන ඒකාබද්ධ කමිටුවට යොමු කර ඉන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.
 

More News..