brand logo

විසඳුම් ලබා දෙන තෙක් සෑම බ්‍රහස්පතින්දා දිනකම සංකේත වැඩවර්ජනයක්

23 June 2019

දින 02 ක් පුරා ක්‍රියාත්මක වූ දුම්රිය වැඩවර්ජනය ඊයේ (22)මධ්‍යම රාත්‍රියෙන් අවසන් කර ඇත. අද අලුයම සිට දුම්රිය ගමන් සාමාන්‍ය පරිදි සිදු කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුරුම්කරු සඳහන් කළේය. තම ඉල්ලීම්වලට බලධාරීන් විසඳුම් ලබා දෙන තෙක් සෑම බ්‍රහස්පතින්දා දිනකම සංකේත වැඩවර්ජනයක් පැවැත්වීමට තීරණය කළ බව ඔහු පැවසු අතර පසුගිය දින දෙක පුරා පැවති වැඩවර්ජනයට දුම්රිය රියැදුරන්, නියාමකවරුන්, පාලකවරුන්, ස්ථානාධිපතිවරුන් හා දුම්රිය අධීක්ෂණ කළමණාකරුවන් ඇතුළු ශ්‍රේණි කිහිපයක නිලධාරීන් එක්ව සිට ඇත.
 

More News..