brand logo

“සෑම දෙනාගේම ආරක්ෂාව” සමග කීල්ස් ඉදිරියට

25 May 2020

COVID-19 වසංගතය මේ වන විට සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන රටාවට අභියෝගයක් වී ඇති බැවින්, මෙම අභියෝගාත්මක කාලසීමාවේ සියලු දෙනාගේම ආරක්ෂාව සහ සනීපාරක්ෂාව පෙරමුණ ගෙන ඇත. මෙරට සිල්ලර වෙළෙඳපොළ ප්‍රමුඛයෙකු ලෙස කීල්ස්, තම ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා බොහෝ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඇනවුම් කරන ලද භාණ්ඩ ආරක්ෂිතව නිවෙස් වෙත ලබා දීම සඳහා කටයුතු කරන බෙදාහැරීමේ සේවා කණ්ඩායම් හට ද මාර්ගෝපදේශ සපයයි. සුපිරි වෙළෙඳසල් ඔස්සේ ගනුදෙනු කිරීමට බලාපොරොත්තු වන සියලුම ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව සහ සනීපාරක්ෂාව සහතික කිරීම සඳහා කීල්ස් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය සපයනු ලබන මාර්ගෝපදේශයන්ට අනුකූලව බොහෝ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර ඇත. කීල්ස් සුපිරි වෙළෙඳසල්වලට ඇතුළු වීමට පෙර මුඛ ආවරණ පැලඳීම සහ දෑත් සේදීම/සනීපාරක්ෂක පහසුකම් අනිවාර්ය වන අතර ගනුදෙනුකරුවන් වෙළඳසැලට ඇතුළුවීමට පෝලිම් ගැසෙන අවස්ථාවේදී සමාජ දුරස්ථභාවය රැකගැනීම සඳහාද පියවර කිහිපයක් අනුගමනය කෙරේ. රටෙහි සමස්ත ජනගහනය අතරින් වැඩිහිටියන් අවදානමට ලක්විය හැකි පිරිසක් වන බැවින්, කීල්ස් සුපිරි වෙළෙඳසල් තුළ ඔවුන් වෙනුවෙන්ම වෙනම පෝලිමක් හඳුන්වා දී ඇත්තේ ඔවුන්ට වඩා ඉක්මණින් භාණ්ඩ හා සේවා ලබා දීමටය. බේකරිවල ස්වයං සේවා පහසුකම අත්හිටුවා ඇති අතර සනීපාරක්ෂාව සලසමින් ගනුදෙනුකරුවන්ට සේවා ලබාදීම සඳහා කීල්ස් කණ්ඩායම් සාමාජිකයකු පත් කරනු ලැබේ. වෙළෙඳසල තුළ දවසේ ඕනෑම වේලාවක සිටිය හැකි ගනුදෙනුකරුවන්ගේ සංඛ්‍යාව 15 කට සීමා කර ඇති අතර මිලදී ගන්නා භාණ්ඩවල බර කිරීමේදී අදාළ උපකරණ ස්පර්ෂ නොකර ඒ සඳහා කීල්ස් කණ්ඩායම් සාමාජිකයින්ගේ සහාය ලබා ගන්නා ලෙස පාරිභෝගිකයන් දිරිමත් කරනු ලැබේ. සම්බන්ධතා රහිත ගෙවීම් දිරිමත් කිරීම, සීඝ්‍රගාමී කවුන්ටර හඳුන්වා දීම සහ පාරිභෝගික භාවිතය සඳහා වන ස්පර්ශක තිර සියල්ලම තාවකාලිකව අත්හිටුවීම ආදිය සමස්ත ආරක්ෂාව සහ සනීපාරක්ෂාව සහතික කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද තවත් ක්‍රියාමාර්ග කිහිපයක් වේ.
 

More News..