brand logo

සෑම දිස්ත්‍රික්කයකම ඩෙල්ටා ආසාදිතයින් ඉන්න පුළුවන්

26 July 2021

ඩෙල්ටා පොකුරු බිහි වීමට ඉඩ තියන්න එපා

මෙරට සෑම දිස්ත්‍රික්කයකම ආසාදිතයින් සාමාන්‍ය ප්‍රතිශතයක් සිටිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. ඊයේ(25) දිනයේ වාර්තා වූ දෛනික කොවිඩ් ආසාදිතයින්ගෙන් යම් ප්‍රතිශතයක් ඩෙල්ටා ආසාදිතයින් විය හැකි බවද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

Delta virus variant: what you need to know - WellTuned by BCBST ඩෙල්ට කොවිඩ් ප්‍රභේදය වැලඳී ඇති රෝගීන් සිටින ප්‍රදේශයක මෙම රෝගය බෝ වෙන්න ඉඩ තිබුණොත් මෙය වේගයෙන් පැතිරිය හැකි බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරයි.

හඳුනා ගත් ඩෙල්ටා ආසාදිතයින් 68දෙනා සාම්පල් ගණනාවකින් හමු වූ පුද්ගලයින් වන අතර මෙම 68දෙනාට වඩා විශාල සංඛ්‍යාවක් පරිසරයේ සිටින බවට ඉන් පැහැදිලි වන බව විශේෂඥ වෛද්‍යවරයා පවසයි.

හඳුනා ගන්නා ආසාදිතයින් සෑම කෙනෙක්ම ඩෙල්ටා ප්‍රභේදය සඳහා වෙන වෙනම පරීක්ෂා කිරීම කාර්යක්ෂම ක්‍රමවේදයක් නොවන හෙයින් ඩෙල්ටා පොකුරු බිහි වීමට ඉඩ නොතබන ලෙස විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
 

More News..