brand logo

සැලී නිසා අමෙරිකාවේ ලක්ෂ05ක් අඳුරේ

18 September 2020

  සැලී සුළි කුණාටුව සහිත ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අමෙරිකාවේ 550,000ක පිරිසකට විදුලිය විසන්ධි වී තිබෙන බව පැවසෙනවා. ඊයේ දිනයවන විට දෙවැනි කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙස සැලී සුළි කුණාටුව තරමක් දුර්වල වූ නමුත් තවදුරටත් පැයට කිලෝමීටර 169 ක වේගයකින් හමා යන එම සුළි කුණාටුව හේතුවෙන් ෆ්ලොරිඩා සහ ඇලබාමා ප්‍රාන්තවල ජලගැලීම්ද වාර්තා වී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා. එම සුළි කුණාටුවත් සමඟ ෆ්ලොරිඩා ප්‍රාන්තයට මිලිමීටර 762 ක වර්ෂාපතනයක් ඇද හැලී තිබෙන බවට වාර්තා පළවනවා. සැලී යනු අත්ලාන්තික් සාගරයේ ඇති වූ කුණාටු කිහිපයකින් එකක්.
 

More News..