brand logo

සැරයන් බීමතින් නිල ඇඳුම්වලට ගිනි තියලා

30 November 2020

බමන මතින් පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුම්වලට ගිනි තැබූ කොට්ටාව පොලිසියේ සැරයන්වරයකු සම්බන්ධව විමර්ශන ආරම්භ කර ඇති බව නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය සඳහන් කරයි. දිනපතා මත්පැන් පානය කර පොලිසිය තුළ හැසිරෙන බව කියන මෙම නිලධාරියා පොලිසියේ උසස් නිලධාරීන් කිහිපදෙනකුගේ නිල ඇඳුම් මෙලෙස ගිනි තබා තිබේ. මත් ගතිය වැඩි වූ නිසා ඔහු මෙලෙස ගිනි තැබීම් කර ඇති බවත්, මීට පෙරද කිහිප අවස්ථාවකදීම බමන මතින් පොලිස් ස්ථානය තුළ මුත්‍රා කර ඇති බවත් විමර්ශනවලදී හෙළිවී තිබේ. චෝදනාවට ලක්වන සැරයන්වරයා මීට පෙර මන්නාරම ප්‍රදේශයේ රාජකාරි කර ඇත. එම ප්‍රදේශවලදීද මෙවැනිම චෝදනා රැසකට ලක්වූ අයකු බවද පැවසේ. •හේමන්ත ලියනපතිරණ
 

More News..