brand logo

"සැබෑ නත්තල යනු සැරසිලි හෝ කා බී සතුටුවීම නොව"

21 December 2018

සැබෑ නත්තල යනු සැරසිලි හෝ කා බී සතුටුවීම නොව දිළිඳු ජනයාගේ වේදනාව හඳුනාගනිමින් ඔවුන්ගේ කුසගිනි නිවීමට ඒකරාශී වීම බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ ඊයේ පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති කාර්යාලය විසින් නත්තල සැමරීම වෙනුවෙන් සංවිධානය කළ උත්සවයක් අමතමින්. රටේ ජනතාව දිළිඳුකමින් මුදවාගෙන ඔවුන්ට වඩා යහපත් ජීවන තත්ත්වයක් උදාකරදීමට සියලූ පාලකයින් කැපවීමෙන් කටයුතු කිරීමේ ඇති වැදගත්කම ද මෙහිදී උන්වහන්සේ අවධාරණය කළා. මෙම නත්තල් උළෙල ට අපොස්තලික තානාපති අතිඋතුම් පියරේ නුයෙන් වෑන් ටොට් රදගුරු හිමිපාණන් වහන්සේ ඇතුළු රදගුරු හිමිපාණන් වහන්සේලා, පූජක පියතුමන්ලා සහ කන්‍යා සොයුරියන්, කතානායක කරූ ජයසූරිය, අමාත්‍ය ජෝන් අමරතුංග, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ආර්. සම්බන්ධන් යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු, කලාකරුවන් ද ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.
 

More News..