brand logo

සැක කටයුතු ලෙස මියගිය හඳුන් දිවියෙක්

18 October 2020

සැක කටයුතු ලෙස සිරුරේ තුවාල සහිත මියගිය හඳුන් දිවියෙකු ගේ මළ සිරුරක් සොයාගෙන ඇත. තුවාල සිදු වී ගල් තලාවක් මත මිය ගොස් සිටි හඳුන් දිවියේකුගේ මළ සිරුරක් දිඹුල පතන පොලිසිය විසින් 17 වන දා පස්වරුවේ සොයාගෙන තිබේ. දිඹුල පතන පොලිස් වසමට අයත් නාවලපිටිය - තලවාකැලේ ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි පාසල් වත්ත ආසන්නයේ පිහිටි “කෙලි” නම් තේ වතුයාගේ ගල් තලාවක් උඩ තිබියදි ප්‍රදේශවාසින් දැක වතු පාලන අධිකාරිය දැනුවත් කිරිමෙන් පසු පොලිසියට දැනුම් දීමට කටයුතු කර ඇත. නුවරඔලිව වන ජීවි කාර්යාලයේ නිලධාරින් විසින් සිරුර පර්ක්ෂා කිරිමේ දී මෙම සත්වයාගේ සිරුරේ තුවාල කීපයක් ද දක්නට ලැබුන අතර සාමාන්‍යයෙන් මිනිසුන් ට දැඩි බියක් දක්වන මෙරටට ආවේ නික වු හඳුන් දිවියා මිනිසුන්ට හානියක් නොකරන බවත් මිනිසෙකු දුටු පමණින් පලායාමට තැත් කරන සත්වයෙකු බවත් වනජීවි නිලධාරින් පවසයි. එවන් සත්වයින්ට කුමන හෝ හේතුවක් මත සිදුකරන පහර දීමකින් මෙසේ මරා දමන්නට ඇති බවට සැක කරන අතර සිරුර පිළිබදව මරණ පරික්ෂනයක් සිදු කිරිම සදහා නුවරඑළිය වන ජීවි කාර්යාලයේ නිලධාරින් විසින් රැගෙන යන ලදී. හැටන් - චන්දන ජයවීර
 

More News..