brand logo

සැකේට බලනකොට ගුද මාර්ගයේ කුඩු පැකට් 25ක්

21 August 2018

  අනුරපුරට කුඩු ගෙන ට්‍රැක්ටර් භූතයා අල්ලයි ගුද මාර්ගයේ සගවාගෙන කොළඹ සිට අනුරාධපුර නගරයට මගී බස් රථයකින් හෙරොයින් පැකට් විසි පහක ප්‍රමාණයක් ගෙනා ට්‍රැක්ටර් භූතයා යන අන්වර්ථ නමින් හදුන්වන සැකකරුවකු උතුරුමැද පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක අනුරාධපුර පළාත් වැටලිම් ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ස්ථිර ස්ථානයක රැදි නොසිටින සැකකරු විවිධ ප්‍රදේශවල සැගවෙමින් හෙරොයින් ජාවාරමේ නිරතවී ඇති අතර ඔහුට පවුලේ සමාජිකයන්ද උදවු උපකාර සිදුකර තිබෙන බව පොලිසිය පවසයි. සැකකරු කොළඹ ප්‍රදේශයට ගොස් මගී බස් රථයකින් හෙරොයින් රැගෙන එන බවට ලැබුණු තොරතුරකට අනුව පොලිස් කණ්ඩායම අනුරාධපුර නව බස් නැවතුමේ සැගවී සිට ඔහු බස් රථයෙන් බසිනවාත් සමගම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. සැකකරු දැඩි පරික්ෂාවට ලක්කරනු ලැබුවත් ඔහු සන්තකයේ හෙරොයින් නොතිබූ බවත් සැකයට මෙන් ඔහුගේ අධෝ මාර්ගය පරික්ෂාකළ අවස්ථාවේ ඉටි උරයක දමා සගවාගෙන තිබූ හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 170 ක් බර හෙරොයින් පැකට් 25ක ප්‍රමාණය පොලිසිය විසින් සොයා ගෙන තිබුණි. සැකකරු එක් හෙරොයින් පැකට්ටුවක් රුපියල් 1000ක මුදලකට කොළඹින් මිලදී ගෙන රුපියල් 2500ක මුදලකට අනුරාධපුරදී අලෙවිකරන බව පොලිසිය පැවසුවේය.  30 හැවිරිදි සැකකරු මීට පෙරත් හෙරොයින් සමග අත්අඩංගුවට පත්වී තිබූ බවත් පොලිසිය පැවසුවේය. උතුරුමැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ පද්මසිරි සුදුන්ගහවත්ත මහතාගේ උපදෙස්මත පළාත් වැටලිම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රභාත් ගාල්ලගේ, පොලිස් සැරයන් 20545 එදිරිසුරිය, පොලිස් කොස්තාපල්වරුන් වන 32236 කීරවැල්ල, 48317 බංඩාර, 56573 සමරකෝන් 65023, දිසානායක 48582 චන්ද්‍රසේන කාන්තා පොලිස් සැරයන් 4408 නිලන්ති හා පොලිස් කොස්තාපල් රියදුරු 66934 රාජරත්න යන නිලධාරින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.
 

More News..