brand logo

සැකකාරිය සතු යතුරෙන් දොර විවෘත්ත වෙලා - කෝටියක හෙරොයින් හමුවෙයි

18 January 2021

    රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු හෙරොයින් කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 606ක් සමග සැකකාරියක් පෙරේදා (16දා) බොරැල්ල සිරිසර උයන ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකාරිය පනස් නව හැවිරිදි බරනාදුරගේ චන්ද්‍රාවතී නමැති බොරැල්ල බේස්ලයින් මාවත, සිරිසර උයන පදිංචිකාරියකි. සැකකාරිය සතුව තිබී මත්ද්‍රව්‍ය ජාවාරම් මුදල් බවට සැක කරන රුපියල් හය ලක්ෂ දහතුන් දාහක්ද සොයාගෙන ඇත. තවදුරටත් පරීක්ෂා කිරීමේදී සැකකාරිය සතුව තිබී යතුරු කැරැල්ලක්ද හමුවී ඇත. එය පරීක්ෂා කිරීමේදී වනාතමුල්ලේ කුමාර නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත් නිවසක යතුරක්ද එහි තිබූ බව හෙළිවී ඇත. නිලධාරීන් විසින් එම නිවස පරීක්ෂා කිරීමේදී අල්මාරියක් තුළ සඟවා තිබී මෙම හෙරොයින් තොගය සොයාගෙන ඇත. ඉදිරි විමර්ශන සඳහා හෙරොයින් සමග සැකකාරිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබේ. හේමන්ත ලියනපතිරණ
 

More News..