brand logo

සැකකරු ඇවිත් බාර වෙනකං පොලිසිය නිදි

15 June 2021

පුද්ගලයෙකුට පොල්ලකින් පහර දී තුවාල සිදු කළ මොරටුව මහනගර සභාවේ පො.ජා.පෙ හිටපු නාගරික මන්ත්‍රීවරයා මොරටුමුල්ල පොලීසිය වෙත (15 වැනිදා) භාර වීමෙන් පසු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලීසිය පැවසීය. සැකකාර හිටපු මන්ත්‍රීවරයා මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කිරීමට අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවහන්දුරුගොඩ නියම කළ අතර අගෝස්තු මස (19 වැනිදා) නැවත කැඳවීමටත් නියෝග කළේය. [caption id="attachment_151598" align="aligncenter" width="576"] සැකකාර හිටපු මන්ත්‍රිවරයා[/caption] මෙහිදී ඇප මත නිදහස් කර ඇත්තේ මොරටුව කඩලාන ගල්පිටහබඩ පදිංචි මහවත්තගේ ප්‍රියනාත් මෙන්ඩිස් නමැති 53 හැවිරිදි පුද්ගලයෙකු වන අතර බොල්ගොඩ ගගේ බෝට්ටු අංගනයක් පවත්වාගෙන ගිය මහේෂ්ක මෙන්ඩිස් නමැති අය වෙත පසුගියදා (13 වැනිදා) පොල්ලකින් පහර දී තුවාල සිදු කර තිබුණි. තුවාලකරු රෝහල් ගතව සිට (15 වැනිදා) උදෑසන නිවසට පැමිණ ඇති අතර පසුව සැකකාර හිටපු මන්ත්‍රීවරයා පොලීසියට භාර වීමෙන් පසු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර මන්ත්‍රීවරයා පොලීසියට භාර වන තුරු පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන නොතිබුණි. මෙම මන්ත්‍රීවරයා මොරටුව නගරාධිපතිවරයාගේ හිතවත් පුද්ගලයෙකි. මොරටුව මහ නගර සභාව විසින් බෝට්ටු අංගණය ඉවත් කිරීම සිදු කරන අවස්ථාවේදී හිටපු මන්ත්‍රීවරයා එතැනට පැමිණ තිබූ අතර එහිදී බෝට්ටු අංගණයේ හිමිකරු මොරටුව නගරාධිපතිවරයාව දැඩි ලෙස විවේචනය කර ඇත. ඉන්පසුව මෙම හිටපු මන්ත්‍රීවරයා විවිධ අයුරින් තර්ජන සිදු කර ඇත. මොරටුමුල්ල ස්ථානාධිපති කමල් බණ්ඩාර , අපරාධ අංශයේ ස්ථානාධිපති වික්‍රමපාල ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.   සබැදි පුවත :-  සමන්ලාල්ට බැන්න බෝට්ටු හිමියාට පොලුවලින් ගහලා - https://bit.ly/3czL7k4
 

More News..