brand logo

සැකකරුවෙක් අල්ලා ගැනීමට පොලිසිය මහජන සහය පතයි

12 April 2021

දිවයිනේ පුරා විවිධ වංචනික ක්‍රියාවන් සිදු කර සැඟව සිටින රාෆින් මොහොමඩ් ෆරුක් නම් පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය විසින් මෙහෙයුම් ආරම්භ කර තිබේ. ඒ අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා සාර්ථක තොරතුරු ලබා දෙන අයෙක්ට ලක්‍ෂ 10ක ත්‍යාග මුදලක්‌ ලබාදීමට පොලිස්පතිතුමා විසින්‌ අනුමැතිය ලබා දී තිබේ. සැකකරුගේ විස්තර..... නම : රාෆික්‌ මොහොමඞ්‌ ෆරුක්‌ ලිපිනය : අංක 122/15/බී, සුහද මාවත, මාන්කඩ පාර, කඩවත අංක 133/05, නාමල්‌ ටෙරන්ස්‌, වට්ටියගොඩ. අංක 89/03, රජමාවත, කනවන, ජා ඇල. උපන්‌ දිනය : 1976.07.03 ජා.හැ.අ : 7613504460V මෙම සැකකරු විසින් නොයෙක්‌ ආකාරයේ වංචාවන්‌ සිදුකර ඇති අතර ඊට අදාලව පොලිස්‌ ස්ථානයන්‌ මගින්‌ විමර්ශණ ආරම්භ කර තිබෙන නමුත් ඔහු සම්බන්ධයෙන්‌ සාර්ථක තොරතුරක්‌ අනාවරණය කර ගැනීමට නොහැකි වී තිබේ. මෙම සැකකරු විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකර ඇති වංචා පහත දැක්වේ. 1. වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් කොල්ලකන ලද වාහනයක් රුපියල් ලක්ෂ 165කට විකිණීම. 2. ව්‍යාජ අත්සන් යොදා රුපියල් 1,550,000ක් වටිනා වාහනයක් පවරා ගැනීම. 3. ෆිනෑන්ස් සමඟ විකිණු වාහනයක් සම්බ්න්ධයෙන් විශ්වාසය කඩ කිරීම 4. රුපියල් ලක්ෂ 28ක් වටිනා මෝටර් රථයක් ලබා ගෙන වංචා කිරිම 5. රුපියල් ලක්ෂ 30ක් වටිනා වෑන් රථයක් සොරකම් කිරීම. එම පුද්ගලයා පිළිබඳ යම් තොරතුරක් දන්නේ නම්......
  • නියෝජ්‍ය පොලිස්පති, අපරාධ හා සංවිධානාත්මක අපරාධ දිසාව - 0718592604
  • නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා සංවිධානාත්මක අපරාධ දිසාව කාර්යාලය - 0112685958
 
 

More News..