brand logo

සැකකරුට දැමූ මාංචු කූට්ටමෙන් කොස්තාපල්ගේ ගෙල සිරකරලා

30 November 2020

  කටුගස්තොට පොලිසියේ සැරයන්වරයකු හා කොස්තාපල්වරයකු ජම්බුගහපිටිය තලගහකන්ද ප්‍රදේශයේදී අඹුසැමි යුවළකට පහර දීමක් සිදුකළ බව පැවැසෙන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයාට දැමූ මාංචු කුට්ටමෙන් පොලිස් කොස්තාපල්වරයාගේ ගෙල සිර කිරීම නිසා ඔහු මහනුවර ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. කොස්තාපල්වරයා බේරා ගැනීමට උත්සහකළ සැරයන්වරයාද කටුගස්තොට රෝහල වෙත ඇතුළත් කර ඇත. පසුගිය 27වැනිදා රාත්‍රියේ අඹුසැමි යුවළකට පහරදීමක් සිදුකරන බවට 119 දුරකතන අංකයට ලද තොරතුරක් මත විමර්ශනය කිරීමට යතුරු පැදියකින් එම ස්ථානයට ගොස් ඇති පොලිස් නිලධාරින් දෙදෙනාට අඹුසැමි යුවළට පහර දුන් පුද්ගලයා පෙන්වා ඇති අතර ඉන්පසු පොලිස් කොස්තාපල්වරයා එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඔහුගේ දෑතට මංචු දමා තිබේ. මෙහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ මිතුරකු බව පැවැසෙන සැන්ඩෝ නමැත්තා තම මිතුරා අත්අඩංගුවට ගැනීම ගැන පොලිස් නිලධාරීන් දෙදෙනා සමග කලහ කර ඇත. මේ අතරේ අත්අඩංගුවට ගෙන සිටි සැකකරු එකවරම මාංචු කුට්ටමෙන් පොලිස් කොස්තාපල්වරයාගේ ගෙල සිර කර ඇත. සැරයන්වරයා දැඩි පරිශ්‍රමයක් දරා කොස්තාපල්වරයා බේරා තිබේ. පසුව මේ පිළිබඳව පොලිස් ස්ථානයට කළ දැනුම් දීමෙන් පසු විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 08 දක්වා රක්ෂිත බන්ධානාගාර ගතකර ඇත. විජේරත්න හල්ඔලුව-හාරිස්පත්තුව
 

More News..