brand logo

සා.පෙළ විභාග මධ්‍යස්ථානවල සෞඛ්‍ය පහසුකම් ගැන තීරණයක්

19 February 2021

    අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනයන්හිදී හදිස්සි අවස්ථාවක දී වෛද්‍ය හා හෙද කාර්යය මණ්ඩලයේ සහාය ලබා ගැනීමට තීරණය කර ඇත. මේ අනුව මාර්තු මස 01 වන දා සිට මාර්තු 10 දක්වා දිවයින පුරා පිහිටි සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542ක් යටතේ විභාග මධ්‍යස්ථාන 4513ක දී විභාග පැවැත්වීමට නියමිතය. එබැවින් විභාග කොමසාරිස් ජනරාල් බී සනත් පූජිත මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ පවතින කොවිඩ් අවදානම හමුවේ ඇතිවිය හැකි හදිස්සි ප්‍රතිකාර කටයුතු සඳහා ප්‍රදේශවල රෝහල් අතර සම්බන්ධීකරණ කටයුතු සලසා ගිලන් රථ හා අවශ්‍ය කාර්යය මණ්ඩල සහ වාට්ටු පහසුකම් ද සමග කඩිනමින් සිදුකිරීමට අවශ්‍ය දැනුවත් කිරීම් සිදුකර ඇති බවයි.
 

More News..