brand logo

සාලියවැව සිව් හැවිරිදි දැරියක් අතුරුදහන්

01 February 2019

පුත්තලම සාලියවැව නීගලම ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු හතර හමාරක දැරියක් දින කිහිපයක සිට අතුරුදන්ව තිබෙනවා. දැරිය සොයා පසුගිය දෙදින පුරා පරීක්ෂණ ක්‍රියාත්මක කෙරෙන අතර මේවන තෙක් දැරිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවයි සාලියවැව පොලීසිය පවසන්නේ. පුත්තලම සාලියවැව නීගලම ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු හතරහමාරක දැරියක් මෙසේ පසුගිය 30වනදා උදෑසන සිට අතුරුදන්ව තිබෙනවා. එදින උදෑසන 7.00වන විටත් තම මව සමඟ නිවසේ සිට ඇති මෙම දැරිය ඉන් පසුව ආගියඅතක් නොමැති බව දැරියගේ ඥාතීන් පවසන්නේ. දරුවා අතුරුදන් වූ දින සිට සාලියවැව පොලිස් නිලධාරීන් පැමිණ පරීක්ෂණ කටයුතු සිදු කර අතර ඊයේ (31) පොලිස් නිල සුනඛයින් යොදා දැරිය සෙවීමේ කටයුතු ක්‍රියාත්මක කෙරුණා. නිවසේ සිට මීටර 300ක් පමණ ඈතින් කලා ඔයත් ඒ ආසන්නයේ ඇති විල්පත්තු ජාතික වනෝද්‍යානයත් ආශ්‍රිතව දැරිය සිටි නිවස පිහිටා තිබෙනවා. දැරිය ඝාතනය කර ඇද්ද යන්න සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ සිදුකර අතර අද(01) දිනයේදී නාවික හමුදා කිමිදුම්කරුවන් යොදා කලා ඔයෙහි සෝදිසි මෙහෙයුමක් සිදු කිරීමට නියමිතයි. අතුරුදහන් දැරිය සම්බන්ධයෙන් අරුණ අප අද උදෑසන සාලියවැව පොලීසියෙන් විමසා සිටි අතර, පොලීසිය පැවසුවේ මේ වන තෙක් දැරිය පිළිබද කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවයි.
 

More News..