brand logo

සාලින්දගේ පුටුවට හිස්බුල්ලා, ජගත් සහ හේරත් අතර තුන්කොන් සටනක්

13 August 2019

පසුගිය සතියේ හදිසි මරණයකට ලක් වූ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායකගේ ‘පුටුව’ අරබයා ද තුන්කොන් සටනක් නිර්මාණය වී තිබිණි. ඒ හිස්බුල්ලා, ජගත් පුෂ්පකුමාර සහ එච්.එම්.ඩී.බී. හේරත් අතරය. ‘පොතේ හැටියට’ හිස් වූ අසුන ඩී.බී. හේරත්ට හිමිවිය යුතු වුණත්, ඔහු දැන් පොදුජන පෙරමුණට සහාය දක්වන්නකු වන නිසා, ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම ඊට ‘පිරිසිදු ශ්‍රී ලංකා කාරයකු’ පත්කරගැනීමේ උවමනාවෙන් පෙළෙන බව පෙනේ. දැනටත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දරමින් සිටින, ශාන්ත බණ්ඩාරට ඉල්ලා අස්වී ‘මනාප ලැයිස්තුවෙන්’ නැවතත් එන්නැ’යි කියා තිබුණේ ඒ නිසා ය. ශාන්ත බණ්ඩාර මනාප ලැයිස්තුවේ දී ඩී.බී. හේරත්ට වඩා ඉදිරියෙන් සිටි නිසා එය ‘ගැටලුවක් නොවෙතැ’යි ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් තර්ක කරයි. කෙසේ නමුත් ශාන්ත බණ්ඩාර ඉල්ලා අස්වීමෙන් හිස් වූ අසුන නැවත ශාන්තට නොදී තමන්ට දෙන්නැ’යි හිස්බුල්ලා ද ඇවිටිලි කරන්නට පටන්ගෙන ඇත. ඒ ජාතික ලැයිස්තුවෙන් ශාන්ත බණ්ඩාරට පත්වීමට හැකි වූයේ හිස්බුල්ලාගේ ඉල්ලා අස්වීම නිසා වන බැවිනි. මේ අතර ඩී.බී. හේරත් ද තමන්ට අසුන නොලැබුණොත් ‘අධිකරණයේ පිහිට පතන බව’ කියයි. මේ අතර ලබන 12 වැනිදා වන විට ‘මේ අවුල ලිහා’ සුදුස්සා පත් කරන බව මැතිවරණ කොමිසම කියා ඇත.
 

More News..