brand logo

සාලිගෙන් දිව දෙකේ කතාවක්

22 January 2020

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ලබාදුන් සාක්ෂියට සම්පූර්ණ පටහැනි සාක්ෂියක් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ලබාදුන් බවට ඊයේ (21 වැනිදා) රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සුහර්ෂ හේරත් ජනාධිපති කොමිසමට පැවසුවාය. මේ පිළිබඳව පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසමේ දැඩි අවධානය යොමුවූ අතර (c151) වශයෙන් එම සාක්ෂිය ලේඛනගත කිරීමට කොමිසම කටයුතු කළේය. බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ඊයේ (21 වැනිදා) පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට සාක්ෂි ලබාදීමට පැමිණියේය. එහිදී රජයේ අධිනීතිඥවරිය 2019 ජුනි මස 11 වැනි දින පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ අසාද් සාලි ලබාදුන් සාක්ෂියක් පිළිබඳව ඔහුගෙන් සාක්ෂි විමසා සිටියාය. එහිදී රජයේ නීතිඥවරිය විමසා සිටියේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයගේ නාමලේඛනයක් තමාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ තවත් බුද්ධි අංශ නිලධාරීන් සතියකට පෙර රැස්වීමක් කැඳවා සාකච්ඡා කළ බවට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ ලබාදුන් සාක්ෂිය සත්‍යද යන්නයි. එහිදී බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි කියා සිටියේ තමා එසේ රැස්වීමක් පාස්කු ප්‍රහාරය සි සාලිගෙන් දිව දෙකේ කතාවක් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ලබාදුන් සාක්ෂියට සම්පූර්ණ පටහැනි සාක්ෂියක් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ලබාදුන් බවට ඊයේ (21 වැනිදා) රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සුහර්ෂ හේරත් ජනාධිපති කොමිසමට පැවසුවාය. මේ පිළිබඳව පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසමේ දැඩි අවධානය යොමුවූ අතර (c151) වශයෙන් එම සාක්ෂිය ලේඛනගත කිරීමට කොමිසම කටයුතු කළේය. බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ඊයේ (21 වැනිදා) පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට සාක්ෂි ලබාදීමට පැමිණියේය. එහිදී රජයේ අධිනීතිඥවරිය 2019 ජුනි මස 11 වැනි දින පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ අසාද් සාලි ලබාදුන් සාක්ෂියක් පිළිබඳව ඔහුගෙන් සාක්ෂි විමසා සිටියාය. එහිදී රජයේ නීතිඥවරිය විමසා සිටියේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයගේ නාමලේඛනයක් තමාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ තවත් බුද්ධි අංශ නිලධාරීන් සතියකට පෙර රැස්වීමක් කැඳවා සාකච්ඡා කළ බවට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ ලබාදුන් සාක්ෂිය සත්‍යද යන්නයි. එහිදී බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි කියා සිටියේ තමා එසේ රැස්වීමක් පාස්කු ප්‍රහාරය සිදුවීමට සතියකට පෙර අදාළ නිලධාරීන් සමග නොපැවැත්වූ බවත්, එම රැස්වීම පැවැත්වූයේ ප්‍රහාරයෙන් සතියකට පසුව බවත්ය. එසේම මෙම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ගේ නාමලේඛනය තමාට සිය පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලබාදුන්නේ ප්‍රහාරය සිදුවූ දින බවත් ඔහු කොමිසම හමුවේ කියා සිටියේය. ඒ අනුව රජයේ අධිනීතිඥවරිය කොමිසමට ප්‍රකාශ කළේ අසාද් සාලි විසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ ලබාදුන් සාක්ෂියට සම්පූර්ණ පටහැනි සාක්ෂියක් පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ලබාදුන් බවට ප්‍රකාශ කරන බවය. වරුණි පෙරමුණදුවීමට සතියකට පෙර අදාළ නිලධාරීන් සමග නොපැවැත්වූ බවත්, එම රැස්වීම පැවැත්වූයේ ප්‍රහාරයෙන් සතියකට පසුව බවත්ය. එසේම මෙම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ගේ නාමලේඛනය තමාට සිය පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලබාදුන්නේ ප්‍රහාරය සිදුවූ දින බවත් ඔහු කොමිසම හමුවේ කියා සිටියේය. ඒ අනුව රජයේ අධිනීතිඥවරිය කොමිසමට ප්‍රකාශ කළේ අසාද් සාලි විසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ ලබාදුන් සාක්ෂියට සම්පූර්ණ පටහැනි සාක්ෂියක් පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ලබාදුන් බවට ප්‍රකාශ කරන බවය. වරුණි පෙරමුණ
 

More News..