brand logo

සාම සාධක රාජකාරී සඳහා යුද හමුදාවේ 61 දෙනෙකු දකුණු සුඩානයට

03 July 2019

එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා යුද හමුදාවේ 61 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද අලුයම දකුණු සුඩානය බලා පිටත්ව ගොස් ඇත. නිලධාරීන් 11 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායම යුද හමුදාවේ වෛද්‍ය බලකා සාමාජිකයින්ගෙන් සමන්විත වන අතර ඔවුන් දකුණු සුඩානයට මෙරටින් පිටත්ව යන 6 වන හමුදා කණ්ඩායම වන අතර වසරක කාලයක් එහි සේවය කිරීමට නියමිත ය. මෙම කණ්ඩායම පිටත්ව යාමත් සමග එහි සේවය කරන 66 දෙනෙකුගෙන් යුත් යුද හමුදා කණ්ඩායමක් යළි දිවයිනට පැමිණෙන බව යුද හමුදාව සඳහන් කළේ ය.
 

More News..