brand logo

සාම සාකච්ඡාවට ගිය රුසියානු සුපිරි බිලියනපතියාට වුන දේ

29 March 2022

සාකච්ඡා කඩාකප්පල් කිරීමට අවශ්‍ය වූ රුසියානු දැඩි මතධාරීන්

4බෙලරුස් දේශ සීමාවේ දී රුසියාව සහ යුක්‍රේනය අතර පැවති සාකච්ඡාවලට සහභාගි වූ රුසියානු නියෝජිතයෙක් විෂ ශරීරගතවීමක රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබේ. ඔහු එරට දේශපාලනඥයෙකු මෙන්ම බිලියනපති ව්‍යාපාරිකයෙකු ද වන රෝමන් ඒබ්‍රමෝවිච් ය. චෙල්සී පාපන්දු සමාජයේ හිමිකරුවා වන රෝමන් සාකච්ඡාවලට සහභාගි වූ අතරතුර මෙම තත්ත්වයට මුහුණදෙන්නට ඇතැයි සැකපළ කරයි. සමේ ආසාදන තත්ත්වයක් සහ ඇස්වල දැවිල්ල යන ලක්ෂණ පෙන්නුම් කළ ඔහු මේ වන විට සුවය ලබමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කළේය. යුක්‍රේන පාර්ශ්වයේ නියෝජිතයන් දෙදෙනෙකු ද විෂ ශරීරගතවීමකින් පෙළී ඇති බව එම වාර්තාවල සඳහන් වේ. සාකච්ඡා කඩාකප්පල් කිරීමට අවශ්‍ය වූ රුසියානු දැඩි මතධාරීන් විෂ ශරීර ගතකිරීම සැලසුම් කරන්නට ඇති බව ඇතැම් වාර්තා සඳහන් කරයි. ඉහත සිදුවීම සැලකිල්ලට ගෙන, සාකච්ඡා අතරතුර කිසිදු ආහාරයක් හෝ පානයක් නොගන්නා ලෙස නව සාකච්ඡා වටයට සහභාගි වන නියෝජිතයන් වෙත උපදෙස් ලබාදී තිබේ.
 

More News..