brand logo

සෑම දිනකම උදෑසන සහ සවස් කාලයේ පැය කිහිපයක් විදුලි කප්පාදුවක්

24 March 2019

දෛනිකව උදෑසන සහ සවස් කාලයේ පැය කිහිපයක කාලයක් විදුලි කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි. උදෑසන 8.30 – 11.30 ත් අතර පැය 3 ක කාලයක් සහ සවස 6.30 – 7.30 ත් අතර කාලයේ හෝ රාත්‍රී 7.30 – 8.30 ත් අතර පැයක කාලයක් එම විදුලි කප්පාදුව සිදු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි. පවතින වියළි කාලගුණයත් සමග විදුලිය සඳහා අධික ඉල්ලුමක් පැවතිය ද ඊට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ද එම මණ්ඩලය පෙන්වා දෙන අතර මෙරට ග්‍රීඩ් උපපොළවල් 50 කට අධික සංඛ්‍යාවක් පවතින අතර එම ග්‍රීඩ් උපපොළවල් මට්ටමින් මෙම විදුලි කප්පාදුව සිදුවනු ඇත.
 

More News..