brand logo

සාමිවරයා ලක්ෂ 22කට විදී

28 February 2021

    වැලිපැන්න බොන්දුපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසට පැමිණ රුපියල් ලක්ෂ 22 ක් සොරා ගැනීමේ සිද්ධියකට සාමිවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අනුව සාමිවරයෙක් යැයි කියාගන්නා පුද්ගලයකු ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු අද (28) අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය සඳහන් කර ඇත. එම පිරිස අතර හිටපු හමුදා සෙබලෙක්,වාදක කණ්ඩායමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු ද වේ. ව්‍යාපාරිකයකුගේ අවශ්‍යතාව මත ඔහුගේ නිවසට ආරක්ෂාවක් කර ගැනීම සඳහා අසල්වැසියකු විසින් සාමිවරයා යැයි කියා ගන්නා පුද්ගලයා හඳුන්වා දී ඇත. වැලිකන්ද ප්‍රදේශයේ සිට පැමිණෙන බවට පවසා මීගහතැන්න පදිංචිව සිටි එම පුද්ගලයා ව්‍යාපාරිකයාගේ නිවස වෙත රැගෙන ගොස් තිබේ. අනතුරුව නිවස පරික්ෂා කිරිමෙන් පසුව ඉඩම ද පරික්ෂා කර ඉඩමේ තිබෙන වස්තුවකට ව්‍යාපාරිකයාට උරුමකම් තිබෙන බවත් ආරක්ෂාව කර කරගැනීමෙන් අනතුරුව ඒ ද ලබාගැනීමට හැකියාව තිබෙන බවත් පවසා සතියක් පීලි ජාති අනුභව නොකරන ලෙස ව්‍යාපාරිකයාට හා ඔහුගේ පවුලේ අයට දන්වා ඇත. නිවස ආරක්ෂා කර ව්‍යාපාරිකයාට හිමි වස්තුව ගොඩ ගැනීම සඳහා රුපියල් ලක්ෂ 22 ක් වැයවන බවත් පවසා ව්‍යාපාරිකයා එයට එකඟ වීමෙන් අනතුරුව නිවසින් පිටවී ගොස් තිබූ බව පැවසෙනවා. සතියක් ඉක්මයාමෙන් අතුරුව අදාළ සොරකම වූ නිවසට පැමිණි මෙම සාමිවරයා යැයි කියා ගන්නා පුද්ගලයා හා තවත් පුද්ගලයන් දෙදෙනෙකු උපක්‍රමශීලීව ව්‍යාපාරිකයා නිවසින් පිටතට යවා නිවසේ කාමරයක අල්මාරියක තිබූ රුපියල් ලක්ෂ 22 ක මුදල සොරාගෙන හොර රහසින් පිටවී ගොස් ඇති බව පොලිසියට ලද පැමිණිල්ලේ සඳහන්ව ඇත. සැකකරුවන් අද (28) අත්අඩංගුවට ගෙන ඇති අතර මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
 

More News..