brand logo

සාමාන්‍ය පෙළ හෙට ඇරඹේ

28 February 2021

    අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය හෙටින් (01) ඇරඹෙන අතර විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරන්නේ' මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 622,352 දෙදෙනෙකු පෙනීසිටින බවය. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ එම සාමාන්‍ය පෙළ විභාගය කොවිඩ් වසංගත අවධානම හමුවේ කල්දැමුණි. මේ අනුව හෙටින් (01) ඇරඹේන සාමාන්‍ය විභාගය නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරනවා. විභාගය පැවැත්වෙන සියලු විභාග මධ්‍යස්ථාන විෂබීජහරණය කර සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයට පත්කර ඇති බවත් ආසාදිත වු දරුවන් සඳහා විශේෂ මධ්‍යස්ථානවල දී විභාගයට පෙනී සිටීම සඳහා කටයුතු සැලසුම් කර ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා, ''දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 4,513ක්, සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542ක් ඔස්සේ විභාගය ක්‍රියාත්මක වෙනවා. කොවිඩ් -19 වසංගත තත්ත්වය මත දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයකට ම අවම වශයෙන් මධ්‍යස්ථාන 2 බැගින් මධ්‍යස්ථාන 40කට ආසන්න ප්‍රමාණයක් පිහිටුවීමට තීරණය කළා. ඒ අනුව කොවිඩ් -19 වසංගත තත්ත්වය යටතේ ආසාදිත වු දරුවන් සඳහා එම විශේෂ මධ්‍යස්ථානවල දී විභාගයට පෙනී සිටීම සඳහා අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය කර තිබෙනවා. මෙහිදී එම ප්‍රදේශවල එවැනි තත්ත්වයක් ඇති වුවහොත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඒ වගේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මේ කටයුත්ත සම්බන්ධීකරණය කරමින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ මෙහෙයවීම යටතේ මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු යොදා තිබෙනවා.''
 

More News..