brand logo

සාමාන්‍ය පෙළ හා උසස් පෙළ පන්ති 8 වැනිදා ඇරඹේ

31 October 2021

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග දින ප්‍රකාශ කෙරේ

සියලු පාසල්වල 10,11,12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු නොවැම්බර් 8 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට මෙන්ම අතපසුවූ විෂය නිර්දේශ ආවරණය කිරීම සහ විභාග පැවැත්වීමට අදාළ කටයුතු පිළිබඳව ද මේ වනවිටත් අවධානය යොමුව ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. මේ පිළිබඳව අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසන්සේ දිවයිනේ සියලුම පාසල් හි ප්‍රාථමික අංශ අධ්‍යයන කටයුතු මේ වන විට ඉතා සාර්ථකව සිදුවෙමින් පවතින අතර නොවැම්බර් 8 වැනිදා සිට 10, 11, 12 සහ 13 ශ්‍රේණි වල අධ්‍යයන කටයුතු ආරම්භ කර සෞඛ්‍ය නිර්දේශ ලද වහාම 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණි දක්වා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන බවයි. පවතින කාල රාමුව කළමනාකරණය කර අතපසු වූ විෂය නිර්දේශ ආවරණය කර අ.පො.ස උසස් පෙළ හා 5 වසර ශිෂ්‍යත්ව විභාගය 2022 වසරේ මුල් කාර්තුව තුළ පැවැත්වීමේ ඉලක්කයන් කරා ළඟා විය හැකි බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.
 

More News..