brand logo

සාමාන්‍ය පෙළ විභාගය Online ක්‍රමයට ලියාපදිංචිවීමට අවස්ථාව

14 February 2020

2020 වසරේ සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන්ට විභාග සදහා අයදුම් කිරීමේදී Online ක්‍රමය හදුන්වාදෙන බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාතය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. එමෙන්ම ගුරු මාරු සඳහා නව App එකක් සංවර්ධනය කරන බවද අමාත්‍යවරයා සදහන් කළේය. අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ මතුගම ප්‍රදේශයේ පැවැති උත්සවයක සහභාගි වෙමින්. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.......... “අවංකකම, කැපවීම පමණක් ම තිබුණට මේ තත්වය මුලුමනින්ම වෙනස් කරන්න බෑ. රාජ්‍ය පාලකයා හා නිලධාරියා අතර සම්බන්ධය, දේශපාලකයා හා නිලධාරියා අතර සම්බන්ධය මොනවගේ විය යුතු ද.. ඉතිහාසයේ පුරාවම අපි දකින්නෙ, මාතර භාෂාවෙන් කිව්වොත් ආතුරයා සහ රාක්ෂයා අතර සම්බන්ධයක් තමයි දේශපාලකයා සහ නිලධාරියා අතර තියෙන්නෙ.. ඒත් මේක නිරෝගීභාවයට ගේන්න නම් ඇත්තටම තිබිය යුත්තේ කට්ටඩියා සහ ආතුරයා අතර සම්බන්ධයක්”.. යැයි ද පැවසීය.
 

More News..