brand logo

සාමාන්‍ය පෙළ විභාගය ගැන තීරණය දින 10ක් ඇතුළත

26 November 2020

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සැලසුම් කළ දිනට පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි දින 10 ඇතුළත තීරණය කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. බස්නාහිර පළාත ඇතුළු පාසල් වසා දමා ඇති සෙසු ප්‍රදේශවල පාසල් දෙසැම්බර් මස මුල සතියේ විවෘත කිරීමට නොහැකි නම් සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීම පිළිබඳව සලකා බැලීමට සිදුවන බව ද අමාත්‍යවරයා සදහන් කරයි. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ ජනවාරි මස 18 වැනිදා සිට 27 වනදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
 

More News..