brand logo

සාමාන්‍ය පෙළ විභාගයට පැමිණි සිසුවෙකු අනතුරකින් ජිවිතක්ෂයට

10 December 2019

වවුනියාව, සිදම්බරපුරම් ප්‍රදේශයේ දී අද (10) උදැසන යතුරුපැදියක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකු මිය ගොස් තවත් සිසුවෙකු බරපතල තුවාල ලබා ඇති බව වවුනියාව පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ විභාග මධ්‍යස්ථානය වෙත පැමිණි සිසුවෙකුගේ හැදුනුම්පත අමතකවි ගොස් නැවත හැදුනුම්පත රැගෙන ඒමට සිසුන් යතුරුපැදියකින් නිවසට යමින් සිටි අවස්ථාවක අනතුර සිදුව ඇති බවයි. වවුනියාව ආච්චිපුරම් ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පුන්‍යකුමාර් පකිදරන් නැමති සිසුවෙකු අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් සිසුවෙකු අනතුරින් බරපතල තුවාල ලබා ඇති බවද පොලිසිය පැවසීය. ‍පොලිසිය පැවසූවේ අධික වේගය අනතුරට හේතුවි ඇති බවට සැක පළ කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි. මියගිය සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් වවුනියාව රෝහලේ තැන්පත් කොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..