brand logo

සාධාරණ මිලක් නැතිව බෝංචි බීජ නිෂ්පාදකයෝ හාන්සියි

25 May 2019

බෝංචි බීජ නිෂ්පාදනය කරන එකම ප්‍රදේශය වන හඟුරන්කෙත ආසනයේ මතුරට හා මන්දාරම් නුවර ප්‍රදේශයේ ගොවීන් දස දහසක් පමණ සිය බීජවලට සාධාරණ මිලක් නියම නොවීම නිසා දැඩි අසරණතාවකට පත්ව ඇති බව බීජ බෝංචි ගොවීන් සුරැකීමේ සංවිධානයේ සභාපති එම්.ජී. රම්බණ්ඩා පැවසීය. බෝංචි බීජ කිලෝ ග්‍රෑමයක් වගාකිරීම සඳහා රුපියල් විසිදහසකට වැඩි වියදමක් වැයවන බවත් බෝංචි බීජ කිලෝවක් ගොවීන්ට අලෙවි කිරීමට සිදුව ඇත්තේ රුපියල් දහසකට බවත් ඔහු පැවසීය. එහෙත් ගොවීන්ගෙන් අඩු මිලට ලබාගන්නා බීජ පෞද්ගලික ව්‍යාපාරිකයින් රුපියල් 2000- 2200කට අලෙවි කෙරෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බෝංචි බීජ ගන්නේ සියයට එකක් විතර. ඒ අය කිලෝවක් ගන්නේ රුපියල් 1200ට. විකුණන්නේ 1700ට. ලංකාවේම බීජ හදන්නේ හඟුරන්කෙත විතරයි. අවුරුද්දට ජුනි හා දෙසැම්බර් මාසවල දෙපාරක් බීජ බෝංචි වගා කරනවා. නමුත් යන වියදම නිසා වගාව කරගෙන යන්න බැරි තත්ත්වයට පත්වෙලා’’ යැයි සභාපතිවරයා සඳහන් කළේය.
 

More News..