brand logo

සාද පැවැත් වු නගරාධිපති ඇතුළු පිරිසට ඇප

21 June 2021

නිරෝධායන නීති කඩකරමින් තලවකැලේ ප්‍රදේශයේ සාදයක් පැවැත්වු තලවකැලේ ළිඳුල නගර සභාවේ නගරාධිපතිවරයා ඇප මත මුදා හැර තිබේ. නගරාධිපතිවරයා ව්‍යාපාරිකයන් 06 දෙනෙකු සමඟ පෞද්ගලික උත්සව ශාලාවක සාදයක් පවත්වන බවට 119 හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු පැමිණිල්ලක් මත තලවකැලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. මේ වනවිට පොලිස් ඇප මත මුදා හැර ඇති අතර ඔවුන්ට එරෙහිව නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත. පසුව සභාපතිවරයා ඇතුළු ව්‍යාපාරියන් 06 දෙනා ලබන මස 04 දින දක්වා නිවෙස් නිරෝධානයට යොමු කිරිමට එම ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ. ඉදිරියේදී ඔවුන් පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය.
 

More News..