brand logo

සාක්ෂි ලබාදීමට පැමිණි හිටපු ඇමති රිෂාඩ්ට 28 වැනිදා එන්න කියයි

26 June 2019

හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම සඳහා අද(26) දිනයේ දී පැමිණි නමුත් කමිටුවේ ඉල්ලීම මත සාක්ෂි විමසීම 28 වන දිනට කල් තැබීය. සවස 5 ට පමණ සාක්ෂි ලබා දීමට පැමිණි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අසුන් ගැනීමෙන් අනතුරුව කමිටු සමාජිකයින් විසින් කමිටුවේ වැඩ කටයුතු අද දිනට අවසන් කළ යුතු බවත් සාක්ෂි විමසීම එළඹෙන 28 වන දින සවස 2 කට කල් තබන බවත් පැවසීය. අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද සවස 2 රැස්විය. එහිදී පළමුව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා සාක්ෂි ලබා දුන්නේය. ඉන් අනතුරුව වර්තමාන වාණිජ කටයුතු අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එන්.ආර් ආශෝක මහතා සහ කාර්කාමික සංවර්ධන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ටී.එල්.යූ. රත්නමළල මහතා ද කමිටුව හමුවේ සාක්ෂි ලබා දුන්නේය.
 

More News..