brand logo

ස්විස් විදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ කීර්තිනාමය අවදානමක පවතින බවට නිවේදනයක්

17 December 2019

නීතීයේ ආධිපත්‍ය සුරකින රටක් ලෙස ශ්‍රී ලංකාවේ කීර්තිනාමය අවදානමක පවතින බවට ස්විට්සර්ලන්තයේ විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ස්විස් තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජික ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තිය සාවද්‍ය සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් නිවේදයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර ඇත. අත්අඩංගුවට පත් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැති කාර්ය මණ්ඩල සාමාජිකාව රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇති අතර ආධිපත්‍ය සුරකින රටක් ලෙස ශ්‍රී ලංකාවේ කීර්තිනාමය අවදානමක පවතින බව එහි සඳහන් වෙයි. එම සිදුවීම සම්බන්ධයෙන් තමන් කනස්සල්ලට පත්ව ඇති බවත් තම තානාපති කාර්යාලයේ සේවිකාව සම්බන්ධයෙන් සිදුවන ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ගවලදී ඇයගේ පුද්ගල අයිතිවාසිකම් ආරක්ෂා වන ආකාරයෙන් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාවේ අධිකරණ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ස්විට්සර්ලන්ත රජයේ නිවේදනයේ සඳහන් වෙයි.
 

More News..