brand logo

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය අධිකරණ වෛද්‍ය හා විෂවේද ආයතනයට

10 December 2019

පැහැරගත් බවට පැවසෙන ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීය නිලධාරිනිය අද දෙවන දිනටත් අධිකරණ වෛද්‍ය හා විෂවේද ආයතනයට පැමිණ ඉදිරිපත්වීමෙන් අනතුරුව යළි පිටව ගොස් තිබේ. එමෙන්ම තෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමට ද ඇය පැමිණ තිබේ. ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නමැති අදාළ කාන්තාව අද පෙරවරු 9.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ පැය 04කට අධික කාලයක් ප්‍රකාශ ලබාදී තිබේ. පසුගිය 08 වැනිදා සහ ඊයේ දිනයේ ඇය පැය 5කට අධික කාලයක් ප්‍රශ්නකර ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර තිබුණි.
 

More News..