brand logo

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය තෙවන දිනටත් සී.අයි.ඩි.යට පැමිණෙයි

10 December 2019

පැහැරගැනීමකට ලක්වූ බවට චෝදනා කළ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නමැති නිලධාරිනිය ප්‍රකාශයක් ලබාදීම සදහා තුන්වන දිනටත් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. අප වාර්තාකරු සදහන් කළේ අද පෙරවරු 9.00ට පමණ ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි බවයි. පසුගිය 8 වැනිදා සහ ඊයේ දිනයේදී ද ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබාදුන්නේය.
 

More News..