brand logo

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට පණවා තිබූ විදේශගත වීම් තහනම තවදුරටත් දීර්ඝ කෙරේ

09 December 2019

අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම තහනම් කරමින් පැහැරගැනීමට ලක්වූ බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය වෙත පණවා තිබෙන නියෝගය දෙසැම්බර් 12 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළේය. මෙම පැමිණිල්ල අද (09) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී රහස් පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැහැරගැනීමට ලක්වූ බව කියන මෙම කාන්තාව ඊයේ(08) රහස් පොලීසිය හමුවට ඉදිරිපත් වූ බවත් ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම ආරම්භ කළ බව සඳහන් කළේය. වැඩිදුරටත් ඇයගෙන් අද දිනයේද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව සඳහන් කර සිටි රහස් පොලිසිය ඒ සඳහා අද දින ඇයට පොලිසිය හමුවේ පෙනීසිටින ලෙස නියම කර ඇති බව ද දන්න දුන්නේය. රහස් පොලිසිය සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අදාළ කාන්තාව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර ඇය පහරදීමකට හෝ ලිංගික අතවරයකට මුහුණපා තිබේ ද යන්න පිළිබඳව වාර්තාව කැඳවන ලෙසත් ඇය මෙම අවස්ථාවේ කිසියම් මානසික පීඩනයකට ලක්ව සිටින්නේ ද යන්න පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය. වැඩිදුර විමසීම ලබන 12 වැනි දා තෙක් කල් දැමුණි.
 

More News..