brand logo

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය පැහැරගැනීමේ සිද්ධියේ තොරතුරු සී.අයි.ඩී.යට

30 November 2019

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගැනීමට අදාළව එරට තානාපති කාර්යාලය සතු තොරතුරු කිහිපයක් ඊයේ (29) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී තිබේ. අදාල සිද්ධිය සබන්ධයෙන් ලද තොරතුරක් මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 27 වනදා ඊට අදාල විමර්ශන ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරනු ලබන මෙම විමර්ශනය සඳහා සහාය වීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සහ පොලිස් සමීප රූප ආවේෂණ කැමරා කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් ද අනියුක්ත කර තිබේ. පැහැර ගැනිම සිදු කළ පුද්ගලයින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් බවට පැවසීම සාවද්‍යවන අතර එය පරික්ෂණ නොමඟ යැවිම සඳහා සැකකරුවන් ප්‍රකාශ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් කර අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේය.
 

More News..