brand logo

ස්විස් කාන්තාව පැහැරගත් බව කියන තැන වෙනස් වෙයි

10 December 2019

පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනි ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (08 වැනිදා) කළ ප්‍රශ්න කිරීම්වලදී තමන් නාඳුනන කණ්ඩායමක බලපෑමට ලක්වූයේ බම්බලපිටියේ වූ ගුරුවරියගේ නිවසට ගිය මොහොතේදී බව හෙළිකර අැතැයි රහස් පොලිස් ආරංචි මාර්ග කියයි. මෙම කාන්තාව පැහැර ගැනීමට ලක්වූ බව කියූ මුල්ම පැමිණිල්ල ඉදිරිපත් කළ ස්විස් තානාපති කාර්යාලය සඳහන් කළේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ තම දරු තිදෙනාගේ දෙමාපිය රැස්වීමක් සඳහා ගිය මොහොතේ පාසල අසලදී පස්දෙනකු විසින් ඇයව පැහැරගෙන ගොස් ලිංගික අතවර කර ප්‍රශ්න කර මුදාහැර ඇති බවය. මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයේදී තහවුරු වූයේ ගානියා බැරිස්ටර් රතු පැහැති මෝටර් රථයකින් බම්බලපිටියේ ගුරුවරියගේ නිවසට පමණක් ගොස් පැය ගණනක් රැඳී සිට මාලිගාකන්ද නිවසට ගොස් ඇති බවය. එම නිවැසියන්ගෙන් හා ඌබර් කාර් රථ රියැදුරුගෙන්ද රහස් පොලිසිය මීට පෙර ප්‍රකාශ ලබාගැනීමත් සමග ස්විස් තානාපති කාර්යාලයේ පැමිණිල්ල පරස්පර බවට මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක්ද නිකුත් කළේය. පැහැර ගැනීම සුදු වාහනයකින් සිදුවූ බවට හඟවා තිබුණද එවැන්නක් සිදු නොවූ බවත්, මැය ගමන් ගත් රතු පැහැති වාහනයේම නිරුපද්‍රිතව නිවසට ගිය බවත් හෙළි වෙමින් ඇතැයි රහස් පොලිස් ආරංචිමාර්ග කියයි. තිස්ස රවීන්ද්‍ර පෙරේරා ඡායාරූප - ක්‍රිෂාන් කාරියවසම්
 

More News..